Apr 14

මුළු රටම බේරුනේ අපි නිසා.. අළුත් අවුරුද්ද මලගමක් නොවුනේ අපේ උපදෙස් නිසා..


අද දවසේ ජනතාවට සිංහල අළුත් අවුරුද්ද සැමරීමට හැකි වී ඇත්තේ තම සංගමය ලබාදුන් උපදෙස් වලට ඇහුම්කන් දෙමින් රජය ගත් තීරණ නිසා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමය විසින් නිකුත් කරන ලද අලුත් අවුරුදු පණිවිඩයේ මේ බව දැක්වේ.

සම්පූර්ණ පණිවිඩය මෙසේය.

“අවුරුදු සමය මළ ගමක් කර ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අද අපි ගන්න තීරණත් එක්ක” – වෛද්‍ය හරිත අලුත්ගේ (19.03.2020)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2020 මාර්තු 19 වැනිදා කළ මෙම ප්‍රකාශය, අද මුළු රටම බේරා ගන්නට හැකි වූ තීරණාත්මක ප්‍රකාශයක් බවට පත්වී ඇත.

ඉතාලිය, එංගලන්තය ඇතුළු යුරෝපා රටවල් සහ ඇමෙරිකාව, පාස්කු ඉරිදා උත්සවය සැමරීමට නොහැකි වී, ඔවුන්ගේ මුළු රටම අද මල ගමක් වී ඇත්තේ මාර්තු මාසයේ ඔවුන් ගත යුතු තීරණ නිවැරදිව නොගත් නිසාය.

අපගේ උපදෙස් වලට නිවැරදිව ඇහුම්කම් දෙමින් මාර්තු මසයේ රටක් ලෙස ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශ ගත් තීරණ නිසා අද අපේ ජනතාවට, තම නිවසේ සිට සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරීමට හැකිවී ඇත.

තවද ජනතාව සියලු අංශ විසින් ලබාදුන් උපදෙස් වලට උපරිම ලෙස අනුගත වීමද, අද කොරෝනා අර්බුදයෙන් රට යම්තාක් දුරකට ආරක්ෂා කර ගැනීමට දායකවී ඇත.

මේ මොහොතේ පවතින අවිනිශ්චිතභාවය නැති කර ගැනීම සඳහා දිනකට සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය හැකි ඉක්මනින් පුළුල් කළ යුතු බව අප පවසා සිටින්නේද, අනාගත සුරක්ෂිතභාවය තහවුරු කර ගනිමින් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට ක්‍රමයෙන් පත්කර ගැනීම සඳහාය.

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට ආරක්ෂාව සහ නිරෝගී සුව ලැබෙන සුභ අලුත් අවුරුද්දක් වේවායි එක සිතින් ප්‍රාර්තනා කරමු.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Gossip Lanka | Gossip Lanka News

© 2013-2020 Gossip - Lanka News Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.