Apr 14

කොරෝනා මැඩලීමේ අපේ ප‍්‍රගතිය ප‍්‍රශංසනීයයි.. කැපවූ ඔබට ස්තුතියි..


අලුත් අවුරුදු පසෙකලා කොරෝණා වයිරසයෙන් ජනතාව මුදවාගැනීමේ ක්‍රියාන්විතයේ යෙදී සිටින උතුරේ යුදහමුදා සෙබලුන් දිරිගන්වමින් ඔවුන්ට අලුත් අවුරුදු සුභපැතුම් එක්කරලීමට කොවීඩ් -19 පැතිරීම වැලක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා උතුරේ සංචාරයක නිරත විය.

එහිදී මන්නාරම , මුලතිව්, කිලිනොච්චිය හා යාපනය යන ආරක්ෂක සේනා මූලස්ථානයන් වෙතට සංචාරය කල යුදහමුදාපතිතුමන් විසින් එහි යුදහමුදා නිලධාරීන් හමු වී අලුත්අවුරුදු වෙනුවෙන් සභපැතීම් සිදු කිරීම හා කොරෝණා වයිරසය වෙනුවෙන් උතුරේ යුදහමුදා දායකත්වය පිළිබඳ විශේෂ වූ ප්‍රශංශාවන් සිදුකරන ලදි.

මෙහිදී මන්නාරම තාරාපුරම් ගම්මානය හුදකලා කිරීම වෙනුවෙන් අලුත්අවුරුදු දෙවනුකොට දිවා රාත්‍රී සේවයේ නිරතවෙමින් දායකත්වය ලබා දී ඇති සියලුම යුද හමුදා නිලධාරීන්ට සතූතිය හා ප්‍රශංසා කිරීමට යුදහමුදාපති තුමන් මන්නාරම් ප්‍රදේශයේ සංචාරය කරන ලදි.

එහිදී උතුරේ ආරක්ෂක සේනා මූලස්ථානයන් වෙතට ගොස් යුදහමුදා සෙබලුන් හමුවී ඔවුන්ට උපදෙස් ලබාදෙමින් අදහහස් පල කොට සිටියේ,

‘“මෙම තීරණාත්මක අවස්ථාවෙහිදී ඔබ කළ කැපවීම සහ මිල කළ නොහැකි සේවය ගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආරක්‍ෂක ලේකම් මෙන්ම සියලු ශ්‍රී ලාංකිකයන් විසින් අගය කරනු ලබනවා. මේ අවස්ථාවේ දී මුළු ලෝකයම මෙම වසංගතයට ගොදුරු වී තර්ජනයට ලක්ව ඇති මොහොතක ඇතැම් විටක නිදි වර්ජිතව පවා ඔබ සිදු කරන සුවිශේෂි කැපවීම ජාතික අරමුණකට දායක වන අතර, ජාතියේ පැවැත්මට තර්ජනයක් එල්ල වූ සෑම අවස්ථාවකම ඔබ එය ආරක්ෂා කළ ආකාරය ද ඒ හා සමාන වේ. කෙසේ වෙතත්, දැන් රටවල් සිය ගණනකට තර්ජනය කරන මෙම වසංගතය ‘සතුරා’ අදෘශ්‍යමාන වන අතර එහි ගමන් මාර්ගය අනපේක්ෂිතය. එබැවින් සෞඛ්‍ය උපදෙස් හා ක්‍රියා පටිපාටි දැඩි ලෙස අනුගමනය කළ යුතු අතර ඒවා සරල හා ප්‍රායෝගික ද වෙයි.

“මෙවර අපට අලුත් අවුරුද්ද සැමරීමට නොහැකි වුවද, මෙම තීරණාත්මක මොහොතේ ඔබගේ තීරණාත්මක ජාතික මෙහෙවර මිල කළ නොහැකි බවත්, අපේ සමාජයේ සියලුම කොටස් සඳහා අත්‍යවශ්‍යයෙන්ම තීරණාත්මක බවත් මතක තබා ගන්න. මෙම කොවිඩ් -19 වසංගතයේ ආරම්භය ගැන මම ඔබට මතක් කර දෙන්නේ නම්, නිරෝධායන ක්‍රියාවලිය සඳහා ඉතාලිය, ඉරාකය, ඉරානය සහ දකුණු කොරියාවෙන් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සඳහා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් පිහිටුවන ලද්දේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි. නමුත් අද වනවිට අපි නිරෝධායන මධ්‍යස්ථාන 50 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටුවා ඇති අතර ඒවායින් කිහිපයක් නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසිනි පවත්වාගෙන යනු ලබයි. මෙම තීරණාත්මක මොහොතේ ඔබ සැවොම වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසා අපි ඉතා කෙටි කාලයක් තුළ මෙම අරමුණු සාක්ෂාත් කර ගෙන ඇත්තෙමු. කෙසේ වෙතත්, මෙම වසංගතය මේ වනවිට රටවල් සිය ගණනකට තර්ජනයක් වී ඇත.

එබැවින් මේ සම්බන්ධයෙන් ඔබගේ සේවය විශේෂයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, අනෙකුත් පාබල රෙජිමේන්තු, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා යුදධ හමුදා සේවා බලකාය ඇතුළු අනෙකුත් සියලුම රෙජිමේන්තුවල සේවය කෘතඥ පූර්වකව අගය කළ යුතුය. අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව සිය කාර්යයන් ප්‍රශංසනීය අයුරින් ඉටු කරයි. මේ සඳහා රජය සහ මාධ්‍ය විසින් ලබාදෙන සහයෝගය විශිෂ්ට වන අතර ජාතිය බේරාගැනීම සඳහා ඔවුන්ගේ සහයෝගය මේ වනවිටත් ඉටු කරමින් පවතී. ඒ නිසා මම අපේ රට වෙනුවෙන් ඒ හැමෝටම ස්තූති කරන්න කැමතියි. පළමු කොවිඩ්- 19 වෛරසය ගොදුරු වුවන් හදුනාගැනිම පසු අපි පස්වන සතිය පසුකරමින් සිටින අතර, ඒ සඳහා අප ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අපට තවමත් සෑහීමකට පත්විය හැකිය”

යුදහමුදාපතිගේ සංචාරයන් වෙනුවෙන් ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වන මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි, මේජර් ජෙනරල් දීප්ති ජයතිලක, මේජර් ජෙනරල් ජයන්ත ගුණරත්න, මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය හා 54 සේනංකාධිපති මේජර් ජෙනරල් සුභාසන වැලිකල යන අයද සහභාගී විය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.