Apr
17
කොරෝනා වෛරසයෙන් ඇතිවිය හැකි දරුණුම තත්වය තම සංගමය විසින් පෙන්වා දුන් නිසා ඊට සූදානම් වීමෙන් අද සතුටු විය හැකි තත්ත්වයකට පැමිණ තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම ජයග්‍රහණය කණ්ඩායමක් ලෙස ලද ජයග්‍රහණයක් බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.
මෙම ජයග්‍රහණය සඳහා ආරක්ෂක අංශ, පොලීසිය, ජනමාධ්‍ය සහ සමාජයද දායක වූ බව ඔහු පැවසීය.
උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.