Apr 27

නිදන කාමරයේ ඇදක් යට බංකරයක් සාදා කසිප්පු ස්කාගාරයක්


මහා පරිමාණයෙන් නිවසක නිදන කාමරයක පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා භූගතව බංකර් සහ සැගවිමට අවශ්‍ය පහසුකම් සහිතව එම ස්කාගාරය පවත්වාගෙන ගිය තිස් හැවිරිදි දෙදෙරු පියෙකු වන සැකකරු සමග එම කටයුතු සිදු කිරිමට යොදා ගත් උපකරණ අත්අඩංගුවට ගැනිමට 26 පෙරවරුවේ හෙම්මාතගම පොලිසිය පැය 5 කට ආසන්න මෙහෙයුමකින් පසුව සමත් විය.

කෑගල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සහ සහකාර පොලිස් අධිකාරිවරුන්ට ලැබුණු තොරතුරකට අනුව හෙම්මාතගම පොලිසිය විසින් මෙම වැටලිම සිදු කර අතර මෙම නිවස පිහිටා ඇත්තේ අඹදෙනිය අරකොටවැල්ල ප‍්‍රදේශයේ කුඩා ඔයට ආසන්නවයි. පොලිසිය විසින් එම ස්කාගාරයේ තිබි වතුර මෝටරයක් සහ ප්ලාස්ටික් බැරල් තුනකට තිබු ගෝඩා මිලිලීටර් හය ලක්ෂ දෙදහස් පන්සියක් පමණ සොයා ගැනිමට ගත් බව පොලිසිය කියයි.

අරණායක සාමසර කන්ද නාය යෑමෙන් පසුව අවතැන් වු ජනතාවට ඉඩම් ලබා දිමේදි රජය විසින් මෙම නාය ගිය කොටසේ අවදානයම් නිවසක විසු මෙම පවුලටද නිවසක් සකස් කර ගැනිමට රජයෙන් ආධාර ලබා දි ඇති අතර එම නිවස සකස් කරද්දි සැකකරු සුක්ෂම ලෙස මෙම භූගත කසිප්පු ස්කාගාරයද සැලසුම් සහගතව සකස් කර තිබුණි. එම නිදන කාමරයේ නිදන ඇදක් එම ස්ථානායේ සැකනොසිතෙන ලෙස තබා තිබු අතර සිමෙන්ති පොලවේ බැරල් තුන සම්බන්ධ වෙන ලෙසින් බට යොදා එක ස්ථානයකින් පමණක් මෝටරයක් යොදා එම ගෝඩා සහ කසිප්පු ලබා ගැනිම සිදු කර ඇත. කසිප්පු සහ ගෝඩා සුගඳ වහනය වන නිසා කරාබු නැටි ඊට උඩින් යොදා එම ස්ථානාය වැසෙන ලෙස සකස් කර තිබු අයුරුද එහි ගිය මාධ්‍යවේදින්ටද දැක ගත හැකි විය.

පෙරිමට සහ සැගවිමට රහසිගත බංකරයක් ඇතුලත සකස් කර තිබු අතර නිවසේ එළිමහන් කාමරයේ මාළු ටැංකියක් සකස් කර භූගත බංකරයක් සකස් කර තිබුණි. කිසිදු රැුකියාවක් නොකරන මෙම පුද්ගලයා ත‍්‍රීවිල් රථයක් සහ යතුරු පැදි දෙකක් තබා ගෙන මෙම කසිප්පු ප‍්‍රවාහනය කර ඇති අතර ත‍්‍රීවිල් රථයේ කසිප්පු රැුගෙන යාමට එහිදි සැක නොසිතෙන ලෙස රහසිගත ත‍්‍රීවිල් රථයේ සකස් කර කොටසක් පොලිසියට දැක ගැනිමට හැකි විය.

නිවසේ සතර වට බුදුන් වැදිමට ස්ථාන යොදා කිසිවෙකුටත් සැක නොසිතෙන්නට මෙම කටයුතු රහසිගතව සිදු කර ඇති අතර සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර භාණ්ඩ සියල්ලද අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව හෙම්මාතගම පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුයේ සැකකරු හෙට දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.

වැටලිම සඳහා හෙම්මාතගම පොලිසියේ ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා ඇතුලූ නිලධාරින් කණ්ඩායමක් සහභාගි විය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.