Apr
30
ආරක්ෂක හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්හට වෙනස්කම් නොකරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහජනතාවගෙන් ඉල්ලා සිටි.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පැවසීය.
වසංගතය පැතිර යාමත් සමඟ එය වැලැක්වීම සඳහා සෞඛ්‍ය අංශ සමඟ එකතුව වැඩකටයුතු කළේ ත්‍රිවිධ හමුදාව බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වු තරුණයන් පිරිසක් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරිමට කටයුතු කළ අවස්ථාවේ දී නාවික හමුදාවේ රණ විරුවන්ට මෙම වෛරසය ආසාදනය වි ඇති බව ද ඒ මහතා පැහැදිලි කළේය.
සිය රාජකාරි කටයුතු අවසන් කර වෛරසය වැළදී ඇති බව නොදැන ඔවුන් නිවාඩු සඳහා නිවෙස් වලට යාමට කටයුතු කළ බැවින් ඔවුන් නැවත ගෙන්වා ගැනීමට සහ ප්‍රතිකාර කිරිමට කටයුතු කළ බවත් ඒ මහතා පැවසීය.
ඔවුන්ට මෙම වෛරසය වැලදුනේ සමාජයට සේවය කිරීමට යාම නිසා බැවින් කිසි විටෙකත් ඔවුන් කළ සේවය අවතක්සේරු නොකරන බවට ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා සිටියේය.