Apr
30
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය රෝගීන් උපරිම සීමාව ඉක්මවා ගොස් තිබේ. දැනට එම රෝහල තුළ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 140ක් වෙයි. එමෙන්ම වෛරසය ආසාදනය වී යැයි සැක සහිත තවත් 10 දෙනෙකු ද එම රෝහලේ රඳවා සිටී.
මෙම රෝහලේ ප්‍රතිකාර සඳහා සැලසුම් කර තිබුණේ රෝගීන් 120ක පමණ පිරිසකට බවත් පවතින තත්වය රෝහල් ධාරිතාව ඉක්මවා යාමක් බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.
දැනට ආසාදනය බොහෝ දුරට සුව වී සිටින රෝගීන් 25 දෙනෙකු පමණ වෙනත් රෝහලකට මාරු කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇතැයිද ඔහු කියා සිටියේය.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා කියා සිටියේ දැනට රෝහල් ගතකර සිටින කිසිදු කොරෝනා ආසාදිතයෙකු දැඩි සත්කාර ඒකකයක රඳවා නොමැති බවයි.
කුරුණෑගලින් ඇතුළත් කරන ලද ආසාදිත කාන්තාවක් පමණක් යම් අසාධ්‍ය තත්ත්වයක සිටින බව ද ඔහු සඳහන් කළේය.
එහෙන්ම හෝමාගම රෝහලද කොරෝනා ප‍්‍රතිකාර රෝහලක් බවට පත් කිරීමට කටයුතු කර ඇති බවද ඔහු පැවසීය.
මේ අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කොරෝනා ආසාධිතයන් වැඩ වැඩි පිරිසක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර එම පිරිස් රෝහල් වාට්ටු තුල සාමාන්‍ය ලෙස හැසිරෙමින් සිටින බවයි.
නමුත් වෛරසය පූර්ණ ලෙස ශරීරයෙන් ඉවත් වූ පසු රෝහලෙන් බැහැර යාමට නියමිත නිසා ඔවුන් තවදුරටත් රඳවා සිටින බවද සඳහන්ය.