Apr 26

කොරෝනා වැළඳී සුවය ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා මෙතෙක් නොකී කතාවක් කියයි


නව කොරෝනා වෛරසයට  ගොදුරු වී සුවය ලබා නිවසට ගිය පළමු ශ්‍රී ලාංකිකයා වූ ජයන්ත රණසිංහ මෙතෙක් නොකිවූ කතාවක් මාධ්‍යට අනාවරණය කර තිබුණා.

”මාර්තු 09 වැනිදා හවස තමයි මට කොරෝනා කියලා තහවුරු වුණේ. එදා රෑ 11ට, 12ට මාව උඩ තට්ටුවට අරගෙන ගියා. මාර මරණ බයක් දැනුණා. එල්ලුම්ගහ පෙනී පෙනී කාමර වලට අරං යනවා වගේ හිතුණා. රෝහල් කාර්ය මණ්ඩලය බයවෙන්න එපා කියලා මාව සැනසුවා,” යනුවෙන් ජයන්ත රණසිංහ සිය අත්දැකීම් විස්තර කිරිමේ පළමු කරුණ ලෙස සඳහන් කළා.

කොළඹ, අයිඩීඑච් හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලේ දින 18ක් ප්‍රතිකාර ලැබූ ඔහු මාර්තු 22 වන සඳුදා පස්වරුවේ යළි නිවසට පැමිණියා. නිවසෙන් පිටතට නොගොස් තවත් දින 21ක් ස්වයං නිරෝධනයට ලක් වන ලෙස වෛද්‍යවරු ඔහුට උපදෙස් දී තිබුණා.

කොවිඩ් – 19 වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා තමන් බව අනාවරණය වීමත් සමග ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා ඉතා සුළු පිරිසකගේ රැවුම්, ගෙරවුම් වලට ලක්වූ බව ජයන්ත රණසිංහ කියා සිටියා.

”විෂ බීජ තියෙනවා කියලා අහල පහල අය ග්‍රාමසේවක මහත්තයට ලියුමක් දීලා තිබුණා. පසුව පීඑච්අයි මහත්තයා ඇවිත් රැස්වීමක් තියලා ගමේ අයට කරුණු පැහැදිළි කරලා තියෙනවා. ගොඩක් අපේ පැත්තට කතා කරලා තියෙනවා. ඒ අතරේ ගෙවල් ගිනි තියලා අපිව එලවන්න කතා වෙච්ච කාන්තාවෝත් ඉන්නවා.”

ඉතාලියේ සිට පැමිණි සංචාරකයන් සිවුදෙනෙකු සමග මාර්තු 03 වැනිදා ඔහු දඹුල්ලට ගොස් තිබුණා. එහිදී රෝගිවීමත් සමග ප්‍රතිකාර කිරීමට ඔහු වෛද්‍යවරයෙකු හමුවට ගොස් තිබෙනවා. මාර්තු 05 වැනිදා නුවරට පැමිණි අවස්ථාවේදී තරමක් අසාධ්‍ය වීම නිසා නැවත ප්‍රතිකාර ගෙන ඔහු නිවසට පැමිණ තිබුණේ මාර්තු 08දාය.

”මම ගෙදර එනකොට නෝනට කිවුවා ආපු ගමන් අපි නිතර බෙහෙත් ගන්න ගමේ ඩොක්ටර් ළඟට යන්න ඕනා කියලා. රෝග ලක්ෂණ බලල ඒ මත්තේගොඩ ඩොක්ටර් කිවුවා කෙලින්ම අයිඩීඑච් යන්න කියලා,” යනුවෙන් ජයන්ත කියා සිටියා.

අයිඩීඑච් රෝහලට ඇතුළත් වීමෙන් අනතුරුව ඔහුට කොවිඩ් -19 වැළඳී ඇති බව තහවුරු වුණා. එම රෝහල තුළ රෝගීන්ට ප්‍රතිකාර ගැනීමට එකිනෙකාට වෙන්වූ කාමර ඇති අතර, ඒවාටම සම්බන්ධ වැසිකිළි පහසුකම් ද ඇති බව ජයන්ත රණසිංහ පැවසුවා.

දිනකකට හෙදියන් දෙවරක් හෝ තුන් වරක් සිය කාමරයට පැමිණි බවත්, ප්‍රධාන වෛද්‍යවරයා උදෑසන කාලයේ දිනපතා පැමිණි බවත් ඔහු සිහිපත් කළා.

“අයිඩීඑච් රෝහලේ කාර්යමණ්ඩලය මට ලබා දුන් සේවාවයි, කරුණාවයි පුද්ගලික රෝහලකවත් නැති සුපිරි සැළකිල්ලක්. දවසට දෙපාරක් මම හිටපු කාමරය විෂබීජ හරණය කරනවා. කෑම, අතුරුපස හොඳටම ලැබුණා. මට කන්න බැරි වුණ වෙලාවේ විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහත්තයා හැමදාම උදේට එතුමා ගෙදරින් එනකොට කැඳ හදාගෙන ඇවිත් මට දුන්නා. එහෙමයි සැළකුවේ.”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.