Apr 24

බෝම්බ නිෂ්ක්‍රීය අංශ ප‍්‍රධානි දිමුතු සුරංග හෙළි කළ පාස්කු ප‍්‍රහාරයේ අදුරු කතාව


අවි අමෝරාගෙන ඉදිරියට යන රණවිරුවන් කියූ සැණින් සිහිටය එන්නේ සතුරන් දහස් ගණනක් විනාශ කරමින් ඔවුලේ බලකොටු අත්පත් කරගන්න නොබියව පෙරමුණට ඇදෙන වීරයින්වයි. ඒත් මේ වීරයින් අතරේ සිටින තවත් වීරවරයක්ගේ කතාවයි මෙලෙස දිගහැරෙන්නේ.
ඔහු නමින් දිමුතු සුරංග සමරනායක. වර්තමානය වන විට ශ‍්‍රී ලංකා පොලිස් විශේෂ කර්යය බලකායේ ත‍්‍රස්ත මර්ධන සෝදිසි සහ බෝම්බ නිශ්ක‍්‍රීය අංශයේ අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරයි. ඔබට මතකද පාස්කු ප‍්‍රහාරය වෙලාවේ කොච්චි කඬේ පල්ලිය අසල පුපුරණ ද්‍රව්‍ය ස`ගවා තිබූ වෑන් රථය. එය ආරක්ෂිතව පුපුරවා හැරිය ආකාරය මතකද?

ඒ වික‍්‍රමය කරමින් තවත් රණවිරුවන් විශාල පිරිසකගේ වගේම සිවිල් වැසියන් විශාල පිරිසකගේ ජීවිතය බේරාගත්තෙත් අපේ කතානායකයායි. ඔහු සුවිශේෂී වන්නේ වෙඩි උණ්ඩයක් වැය නොකර තම සහෝදර රණවිරුවන් වගේම සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ඔහු දක්වන දක්ෂතාවය නිසායි.

” ස්වාමිනි මගේ ජීවිතේ මම බෝම්බ විශාල සංඛ්‍යාවක් නිශ්ක‍්‍රීය කර තිබෙනවා. එත් අදටත් බෝම්බයක් ගාවට යද්දි මට මගේ දරුපවුල මතක් වෙනවා. ඔය බෝම්බයේ පරිපතයේ එක පැත්තක් හංගලා තියෙනවා කියලා තෙරෙද්දි, හිතුවට වඩා ඉක්මනට නුල බිමට ඇදිලා එද්දි මම මගේ මිනිය එතන තියෙනවා ඇස් දෙකට දැක්කා. ”මේ ඔහු සිය අත්දැකීම් විස්තර කළ ආකාරයයි.

තිස් වසරක කුරිරු යුද්ධය පැවති කාලවකවානුවේදී තලවිල මරාගෙන මැරෙන බෝට්ටු බෝම්බය, 2006 – බොරැුල්ල හංදියේ බෝම්බය සහ ආයුර්වේද වටරවුමේ මරාගෙන මැරෙන බෝම්බය වගේ සිදුවීමට ගිය මහා විනාශයක් රැුසක් වලක්වීමට ඔහු සමත්විය.

ජනාධිපති විමර්ශ කොමිසම හමුවේ 2020.03.03 දින කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ සිද්ධස්ථාන පරිපාලක ගරු ජුඞ් රාජ් ප‍්‍රනාන්දු පියතුමන් සාක්ෂි දෙමින් අනාවරණය කළේ බොම්බ ප‍්‍රහාරය සිදුවූ දිනයේ පස්වරුව වන විටත් එම ස්ථානයේ නවතා තිබු මෝටර් රථ ඉවත් නොකරන්නේ මන්දැයි තමන් ආරක්ෂක අංශ වලින් විමසූ බවයි.

එයට පිළිතුරු දුන් පොලිස් නිලධාරියා පියතුමන්ට පවසා තිබුනේ ‍ Father Don’t Worry’ Everything is Tagged and Clear ” යනුවෙනි. පොලිස් නිලධාරියා එලෙස සියල්ල පරික්ෂාවට ලක්කර තිබු පසුබිමක ඒ වන විටත් එම ස්ථානයේ නවතා තිබු බෝම්බ සවි කරන ලද සුදු පැහැති වෑන් රථය එම ස්ථානයට පසුදින අහසින් කඩා වැටුණා විය යුතුය.

ප‍්‍රහාරය එල්ල වූ දිනට පසුදින කොච්චිකඬේ දෙව්මැදුරේ ගායනා කණ්ඩායමේ දරුවෙකුගේ නිවසේ CCTV කැමරා දර්ශන පරික්ෂාවෙදි හසුවී තිබුනේ, බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ බෝම්බකරු ප‍්‍රහාරය වූ දින එම ස්ථානයේ වෑන් රථය නවත්වා ප‍්‍රහාරය සදහා දෙව්මැදුරට යන ආකාරයයි. ගරු ජූඞ් රාජ් පියතුමන් පවසන ආකාරයට පියතුමන්ලාට දැනුම් දීමට පෙර එම නිවැසියන් 119 අමතා මේ පිළිබදව දැනුවත් කළද ක‍්‍රියාත්මක විමක් සිදුව නොමැත. පසුව ඒ පිළිබදව දෙවස්ථාන සහයක පියතුමන් ඔස්සේ ගරු ජුඞ් රාජ් පියතුමන්ව දැනුවත් කර ඇති අතර පියතුමන් කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඉහළ ආරක්ෂක අංශ ක‍්‍රියාත්මක වී ඇත.

පොලිස් විශේෂ කර්යය බලකායේ බෝම්බ නිශ්ක‍්‍රීය අංශයේ අධ්‍යක්ෂවරයා සාක්ෂි දෙමින් කියා සිටි ආකාරයට ඔහුට පෙර ඔහු යටතේ සිටි ප‍්‍රියන්ත නම් නිලධාරියෙකු මෙම බොම්බ සහිත වෑන් රථය පරික්ෂාවට ලක්කර දිමුතු සමරනායක මහතාට දැනුම් දි ඇත්තේ ” සර් ආබාදේ ” යනුවෙනි. ඔවුන්ගේ බසින් කී එකි දැනුවත් කිරීමේ තේරුම නිශ්ක‍්‍රීය කිරීමට ඉතා අසීරු අන්දමින් ඇටවා ඇති අධිබලැති බෝම්බයක් යන්නයි.
මේත් එක්කම වහාම කි‍්‍රයත්මක වුන සමරනායක විනාඩි 5ක් තුල එම ස්ථානයට පැමිණ තිබේ. මේ වන විටත් බෝම්බය නිෂ්කී‍්‍රය කිරීමට නොහැකි බව තීරණය කර තිබූ හමුදා බෝම්බ නිශ්කී‍්‍රය අංශ විසින් සමරනායකට එම ස්ථානයට නොයන ලෙස දැණුම් දෙනු ලැබීය.

එහෙත් කිසිම ආරක්ෂක ඇදුමකින්ද තොරව එම ස්ථානයට ගිය ඔහු ඉතා සූක්ෂම වෑන් රථය පරික්ෂා කිරීම ආරම්භ කළේය. එහිදී සමරනායක විසින් අදාල වෑන් රථය තුල ත‍්‍රස්තයින් ඉතා සූක්ෂමව බෝමබය සවිකර ඇති බවයි. එහිදී ත‍්‍රස්තයින් ක‍්‍රම 3ක් ඔස්සේ ගෑස් සිලින්ඩර් 4ක් යොදාගෙන අධිබලැති බෝම්බයට ඒවා සකස්කර තිබිණි.

එයින් පළමු ක‍්‍රමය ලෙස රෙදි සෝදන යන්ත‍්‍රයක ටයිමරයක් බෝම්බයට සවිකර තිබිණි. එමගින් පැයක් තුල බෝම්බය පිපිරීමට නියමිතව තිබි ඇත. මේ වන විතට එය පුපරා ගොස් තිබිය යුතු තිබුනත් පරිපථයේ දෝෂයක් නිසා එය පුපුරා ගොස් නොතිබිණි.

එසේම බෝම්බයේ පරිපතයට ගමන් කර තිබු තංගුස් නුල් කැබැල්ලක් වැසෙන සේ චිත්ත රෙද්දක් යෝදා තිබු බවද කිසියම් කෙනෙකු එය සෙලවීමට පොළඹවන අයුරින් රුපියල් 1000 නෝට්ටු දෙකක් තබා තිබීමට තරම් ත‍්‍රස්තයින් සැලසුම් සහගත වී තිබිණි.

මේ සියල්ල මිනිත්තුවක් තුල වටහාගත් සමරණායකයන් ඉවත් කළයුතු නිවැරදි වයරට ගැනත් තමන් වටහාත් ගත බව ඔහු ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළේය.

බෝම්බ නිශ්ක‍්‍රීය කිරීමට යොදාගන්නා කොක්කක් ආධාරයෙන් එම වයර් කැබැල්ල ඇදීමට යාමෙදි තමන් සිතුවාටත් වඩා එක්මනින් එය පහත් වූ බවත් එම අවස්ථාවේ තමන් ඉදිරියේ තම මළමිනිය පවා දිස්වූ බවත් ඔහු සදහන කළේය.

බොම්බයේ ඒ නූල් කැබැල්ල පිටතට ඇදී එමත් සමග තමන් ඉවතට පැන්න බවත් ඒ සමගම බොම්බය පුපුරුවා ගිය බවද ඔහු කොමිසම ඉදිරියේ පැහැදිලි කළේය.

ඒ අවස්ථාවේ අසල සිටි සුනඛයෙකු කැබැලි වලට කැඩි විසිවී ගියේය. ඒත් එක්කම තමන්ගේ ඉනට දෙපසින් යම් පීඩනයක් ඉදිරියට ඇදි ගිය බව දැනුනු බවද ඔහු සදහන් කළේය.

තමන්ට මෙයින් හානියක් නොවුනේ මන්දැයි සිතා බැලීමේදී තමන් ඉදිරියේ තිබූ කණුවට දැඩි හානිවී ඇති ආකාරය දැක ගැනීමට හැකි වූ බව සමරනාය සිදහන් කළේය.

මෙහිදි ජනාධිපති කොමිසම විමසා සිටියේ යම් කිසි ලෙසකින් දිමුතු සමරනායක මහතා ආරක්ෂිත ලෙස බෝම්බය පුපුරුවා යැවීමට පෙර එය පිපිරී ගියේ නම් කිනම් ප‍්‍රතිඵලයක් අත්වීමට ඉඩ තිබුනේද යන්නයි.

එහිදී ඔහු සදහන් කළේ ත‍්‍රස්තවාදින් විසින් මෙම බෝම්බය සැලසුම් කර තිබුනේ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පළමු බොම්බ ප‍්‍රහාරය එල්ලවීමෙන් පසු එකතු වන ජනතාව ඉලක්ක කර බවත් යම් හෙයකින් ඉලක්ක කළ මොහොතේ එය පුපුරාගියේ නම් අහිමිවී යන මිනිස් ජීවිත ප‍්‍රමාණය 2000 – 3000 ටත් අතර වීමට ඉඩ තිබුනු බවයි.

ප‍්‍රහාරය සිදුවීමට පෙර බුද්ධි තොරතුරු ලැබී තිබුනේද නැද්ද සම්බන්ධයෙන් තවත් තර්ක කිරීමට දෙයක් ඉතිරිව නැත.

ජාතික බුද්ධි ප‍්‍රධානියා විසින් සහ ඉන්දීය රෝ ඔත්තු සේවය තුළින් ඒ පිළිබදව පුර්ව දැනුවත් කිරිමේ බුද්ධි තොරතුරු ලබා දී තිබු බව මේ වන විට ක‍්‍රියාත්මක ජනාධිපති කොමිසම හමුවේද, ශේෂ්ඨාධිකරණය හමුවේ පවතින මුලික අයිතිවාසිකම් පෙත්සම් 12 තුළින්ද සක්සුදක් සේ තහවුරු වී ඇත. ඉන් එහාට මෙරට ජාතික ආරක්ෂාව භාර ප‍්‍රධානියා වන එවකට සේනාධි නායකයා සහ ආරක්ෂක ලේකම්ව සිටි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ සිවිල් ආරක්ෂාව භාරව සිටි පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සිට ආරක්ෂක අංශවල බොහෝ නිලධාරින් වගකිම් විරහිත ලෙස ක‍්‍රියාකරමින්, සාපරාධි වගකීම් පැහැර හැරීම තුළින් මෙම මිනිමැරීමට වක‍්‍රව දායක වී ඇති බව මේ වන විට බොහෝ කරුණු අනාවරණය වී තිබේ.

මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල වෙලා පැය 24ක් ගතවෙලත් එතැන සිට මීටර් 100ක වත් දුරක් නැති තැනක විශාල බෝම්බයක් හොයා ගත්තා කියන්නේ ආරක්ෂක අංශ තමන්ගේ රාජකාරිය හරියට ඉටුකර නැති බවයි.

ගරු ජුඞ් රාජ් පියතුමන් පවසන පරිදි ප‍්‍රහාරයට පසුදින කොච්චිකඬේ දේවස්ථානය අසල නිවසේ නිවැසියන් තම CCTVදර්ශන පරික්ෂා කර බෝම්බකරු පමිණි රථය ඒ වන විටත් එම ස්ථානයේ පැවති බව දැනගන්නා තුරුම ආරක්ෂක අංශ CCTVදර්ශන පරික්ෂා නොකලේ ඇයි දැයි කියන කාරණය ගැටලූ සහතයි.

එසේම ප‍්‍රහාරය එල්ල වූ අවස්ථාවේම එම ප‍්‍රදේශයේ විශාල ජනතාවක් රැුස්ව සිටියද ඉන් පැය 05ක් හෝ ඉක්මව ගිය පසු එම ස්ථානයේ පුර්ණ සෝදිසි මෙහෙයුමක් නොකලේ මන්ද යන්නත් එවැනි සෝදිසි මෙහෙයුමක් කලේ නම් බෝම්බ සැගවු රථය ඊට පෙර සොයාගැනිමට හැකියාව තිබුනා නොවේදැයි ප‍්‍රශ්න කළ යුතුය.

සමරනායක මහතා පවසන ආකාරයට බොම්බය අටවා පැයක් ගත්වූ පසු එය ඕනෑම අවස්ථාවක පුපුරා යා හැකි තත්වයේ සක‍්‍රීය මට්ටමක තිබී ඇත. මේ ස්ථානයට කාදිනල් හිමිපාණන් පවා පැමිණ තිබේ ඒ වගේම රටේ ඉහළපෙළේ නායකින් බවා කොටින්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවා පැමිණියේය. යම් කිසි විදිහකට එම බෝම්බය පුපුරා ගියේ නම් කොයි තරම් බරපතල විනාශක් සිදුවන්නට ඉඩ තිබුණාද?
මේ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් නොවිසුදුනු එක් ප්‍රෙහෙලිකවක් පමණි. ඇසිය යුතු ප‍්‍රශ්න රැුසක් අදටය් ඉතිරිව පවතයි.

බහුතරයක් දෙනා සිතන්නේ බෝම්බ නිෂ්කි‍්‍රය කිරීම චිත‍්‍රපට වල සිදුවන ආකාරයෙන් සිල්ලර වැඩ කියාය. එහෙත් සත්‍ය ඊට හාත්පසින්ම වෙනස්ය. මන්ද බෝම්බ නිෂ්කි‍්‍රය කිරීම කියන්නේ මරණ සහතික අතේ තබා ගෙන කටයුතු කිරීම නිසාවෙනි.

දිමුතු සමරනායක මහතා මේ ක්ෂේත‍්‍රයේ සිටින්නේ තවත් නොබෝ දිනක් පමණි. කණගාටුව නම් පාස්කු ප‍්‍රහාරයෙන් පසු සාපරාධි වගකිම් පැහැර හැරි නිලධාරින්ටද උසස්වීම් ලැබුනේ යැයි වාර්ථා වීමත් සම`ගයි. එහෙත් මරණ බිය අතේ තබාගෙන සිය රැුකියාවේ යෙදෙන දිමුතු සමරනායක වැනි නිලධාරින්ට අවසානයේ ඉතිරිව ඇත්තේ මෙරට තුළ රටට ආදරය කළ, රට වෙනුවෙන් සේවය කළ බොහෝ දෙනාට අවසානයේ ඉතිරි වූ සිත් රිදීම පමණි.

කණගාටුව කරුණ නම් තවමත් පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරුවන් කිසිවෙක් අත් අඩංගුවට නොගැනීමයි. හාල් මැස්සෙක් අල්ලා මහා උජාරුවට කතා කළත් අදටත් කිසිවක් සිදුවී නොමැත. වගකීම් පැහැර හැරී කිසිවෙක්ට නිසි ලෙස නීතිය කි‍්‍රයාත්මක වී නොමැත.

. ප‍්‍රහාරයෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් විනිසුරු මලල්ගොඩ මහතාගේ ප‍්‍රධාන්ත්වයෙන් කමිටුවක් පත් කළ අතර එහි වාර්තාවක් ජනතාව ඉදිරියේ ප‍්‍රසිද්ධ වුයේ නැත. පාර්ලිමේන්තුව විසින් තේරිම්කරාක සභාවක් පත් කළද එයින් සිදුවුයේ රටක් ඉදිරියේ චෝදනා එල්ලවන්නන්ට සුදු හුණු ගෑමකි.

කෙසේ වුවද ඉදිරි මැතිවරණය සදහාද ප‍්‍රහාරයේ ප‍්‍රධාන වගකිවයුත්තා ජනතා මනාපය ඉල්ලීමට සුදානම් සිටි. ත‍්‍රස්තවාදයට අනුබල දුන්නේ යැයි බරපතල චෝදනා එල්ල වූ මුස්ලීම් මැති ඇමතිවරුද කිසිදු පරික්ෂණයකට මුහුණ නොදිම නැවතත් පාර්ලිමෙන්තුයාමට ජනතා මනාපය ඉල්ලීමට සුදානම් ය. අනෙකුත් වගකිවයුත්තන්ට එරෙහිව නෛතික කටයුතු නිවැරදි සාක්ෂි ගොනුකිරීමකට අනුව සිදුවූ නිසාම අද ඔවුන් ඇප මත මුදා හැර සිටි.

එසේම වසර ගණනත් තිස්සේ මුස්ලිම් අන්තවාදීන් කි‍්‍රයාත්මක වන බවට හෙළි කිරීමට උත්සහ කළ විශාල පිරිසකට වුනේ වෛරී ප‍්‍රකාශ කළ බවට චෝදනා ලැබීමට පමණි. එසේම ඒ ගැන සමාජ ජාල මාධ්‍ය තුල කතා කළ පිරිසට තවමත් තම නමින් සමාජ ජාල තුල ගිණුමක් විවෘත කිරීමට නොහැකිය.

එහෙත් සැමදා අන්තවාදීන් රැුක්ක පිරිසක් තවමත් රිසිසේ කටයුතු කරයි. පාස්කු ප‍්‍රහාරය වී වසරක් ගතවුනත් ඒ ගැන කතා කරණ පිරිස් ජාතීවාදීන් බවට පත්වෙන මට්ටම අන්තවාදීන් තවමත් ශක්තිමත්ය. අන්තවදීන්ට සුදු හුණු ගාන්නන්ට තවමත් කිසිවක් වී නොමැත. එසේම ඔවුන් උගත් දරුවන් කී පිරිසත් තවමත් ඩොලර් වලින් සැප විදිමින් සිටියි.

කීමට ඇත්තේ සියලූ දෙනා කෙරෙහි ඇත්තේ දැඩි කළකිරීමක් පමණක් බවත් ජීවිත අහිමි වූවන්ට සාධාරණයක් වන බවක් පේන තෙක්මානයක නැති බවත්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.