Apr 13

අපේ කොරෝනා මර්දන සාර්ථකත්වය 100%යි.. අපි සිටින්නේ අති විශිෂ්ඨ තැනකයි


ලෝකයේ ප්‍රබල රටවල් කොරෝනා වසංගතයට මුහුණ දීමට නොහැකිව අසාර්ථක වී තිබියදී ශ්‍රී ලංකාව කොරෝනා මර්ධනයෙන් විශිෂ්ට තත්ත්වයකට අත්පත් කරගෙන සිටින බව යුද හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනයේ දී ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව විසින් 100%ක සාර්ථකත්වයක් ලබා ගෙන ඇති බවත් ඔහු පැවසීය.හමුදාව විසින් නිරෝධායනයට ලක් වූ කිසිදු අයෙකුගෙන් තවත් අයෙකුට වෛරසය ආසාදනය වීමට ඉඩ නොතබා කටයුතු කර ඇති බවත් නිරෝධන ක්‍රියාවලිය ශ්‍රී ලංකා හමුදාව ජීවිතේ මුල් වතාවට ඉගෙනගත් කාරණයක් වුවද නොහැක්කක් නොමැත කියන්න යන්න ඔප්පු කරමින් මෙම ක්‍රියාවලිය අතිශය සාර්ථක ලෙස ඉටු කිරීමට හමුදාවට හැකිවූ බවද ඔහු පැවසුවේය.

ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවට ලබාදෙන උපදෙස් අනුව කටයුතු කලහොත් කිසිදු පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය නොවී වගබලා ගැනීමට හැකියාවක් හමුදාවට ඇතැයිද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට පැමිණි අභියෝග සමඟ සසඳද්දී කොරෝනා යනු මහ දෙයක් නොවන බවද පැවසූ හමුදාපතිවරායා ශ‍්‍රී ලංකාව අද වන විට සිටින්නේ කොරෝ්නා වාර්තාවී පස්වන සතිය බවක් ලෝකයේ බොහෝ රටවල් 4 වන සතිය නිමාව දී ව්‍යාප්ත වූ ක්‍රමවේදයන් දැකිය හැකි බවත් පැවසීය.

අද වන විට ශ්‍රී ලංකාව අති විශිෂ්ඨ ස්ථානයක පවතින බව නිහතමානීව කිව යුතුව ඇතැයිද හමුදාපතිවරයා තව දුරටත් පැවසීය.

මෙම අදහස් පල කරන ලද්දේ කේෂ්ත්‍ර බලකා මුලස්ථානයේ දී හමුදා නිලධාරීන් අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.