Apr
13
කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් මස 20 වෙනි සඳුදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.
දෙවැනි වාරය සඳහා සියලු පාසල් යළි විවෘත කිරීම දැන් මැයි මස 11 වෙනිදාට නියම කර ඇත. පාසල් නොපවැත්වෙන කාලය තුළ හැකි සෑමවිටම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දුරස්ථ අධ්‍යාපන පහසුකම් සලසා ඇත.
වෛරස ව්‍යාපෘතිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.
සෙසු සියළු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් මස 16 බ්‍රහස්පතින්දා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ. මේ දිස්ත්‍රික්කවල උදේ 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4.00ට යළි පනවනු ඇත.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙනි. එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
භාණ්ඩ මිලදී ගැනීම් ඉතාමත් අත්‍යාවශය ද්‍රව්‍යයන්ට පමණක් සීමා කරන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින ලෙසත් අවධාරණය කෙරේ. අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයනට පමණක් සීමා කරන මෙන් රජය තවදුරටත් ඉල්ලා සිටී.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි අඛණ්ඩව සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.
කවර දිස්ත්‍රික්ක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ සහ ධීවර කර්මාන්තයේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර හිමි වේ.
අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.
කවර හෝ දිස්ත්‍රික්කයක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ. කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.