Apr
11
මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ‍්‍රී ලංකා මුහුද සීමාවේ මුර සංචාරක විශාල වශයෙන් ඉහළ නංවා තිබේ.
ඉන්දියාව සහ පාකිස්ථානය වැනි ආසන්න රටවල කොරෝනා ආසාදිතයන් විය ඉහල යාමත් සමග මෙම පියවර ගෙන ඇත.
විශේෂයෙන් ඉන්දීය ධීවරයන් ශ‍්‍රී ලංකා මුහුදු කලාපයේ මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන හෙයින් ඒ මුවාවෙන් ඇතැමුන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ හැකියාවක් ඇති නිසා මෙම පියවර ගෙන ඇත.
නාවික හමුදාවේ සහයෝගයෙන් ගුවන් හමුදාවද ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දිනපතා ගුවන් සංචාර සිදුකරමින් සිටියි.
මේ වන විට ගුවනින් සහ මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.