Feb 24

කොළඹ එජාප බලකොටුවල ඡන්ද හොල්ලන ඉසුරු පොහොට්ටුවෙන්

කොළඹ ප්‍රධාන එජාප බලකොටු වන මැද කොළඹ නැගෙනහිර කොළඹ බටහිර කොළඹ යන ප්‍රධාන ආසනද එසේම බහුතර සුළු ජාතික ඡන්දය ඇති බලකොටුවල බලය අල්ලන තරුණ දේශපාලන නායකයෙක් ගැන අපට වාර්තා වෙනවා මේ සම්බන්ධයෙන් අපි මේ සති අන්තයේ අදාල ප්‍රදේශවල සංචාරය කරමින් මේ පිළිබඳව යම් සොයා බැලීමක් සිදුකරන්න තීරණය කරා. ඒ අනුව කොළඹ ප්‍රධාන එජාප සහ අනෙකුත් ආසන වල කල සංචාරයේ විස්තර මේ.මේ වන විට ලංකාවේ ඇත්තේ අළුත්ම පාර්ලිමේන්තුවක් යන සංකල්පයයි ඒ අනුව සෑම ආසනයකම නවක මන්ත්‍රීවරුන් සදහා අවස්තාව උදාවී තිබේ. මෙවර මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන්ගේ ජයග්‍රහණය පිලිබදව ගැටළුවක් ඇතිව තිබේ. මේ අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ දැවැන්තම තරගයක් ඇතිවෙමින් පවතී. මේ අතරින් උගතුන් පාර්ලිමේන්තුවට යැවීමේ රැල්ලක්ද ඇත.
එසේම කොළඹ සුළු ජාතික ඡන්ද කොළඹ ජයග්‍රහණය සදහා විශාල බලපෑම් ඇති කරයි කෙසේ වුවද සියළුම අපේක්ෂකයන්ට බලපෑමක් කල හැකි මට්ටමේ තරුණ අපේක්ෂකයෙක් කරළියට පැමිණ තිබේ.
ඔහු නමින් ඉසුරු අබේවර්ධනයි. ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරික පවුලකින් පැවත එන ඉසුරු මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් 2014 දේශපාලනයට පැමිණ තිබේ ඒ පළාත් සභා මැතිවරණයට සක්‍රීයව දායක වෙමිනි. එසේම 2015 දී මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසුවද ඔහු අතහැර නොගිය ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපකිරීමක් කල අතර ඒ හේතුවෙන්ම මෙවර මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් නියත ජයග්‍රහණයක් වෙනුවෙන් ඔහු තරඟ කරන බවත් වාර්තා වේ.

ඉසුරු අබේවර්ධන නම් වූ පදනමින් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඕනෑ එපාකම් වෙනුවෙන් මංගල අවමංගල උත්සව සදහා අවශ්‍ය පහසුකම් තරුණයන් වෙනුවෙන්ම අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ, ක්‍රීඩා පිටි, සිසුන් වෙනුවෙන් පොත්පත් ඇතුළු එකී නොකී සියල්ලම ලබාදුන් තරුණ දේශපාලන නායකයෙකි.. එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදයෙන් ඔහු මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී තිබේ.

කොළඹ මහානාම විද්‍යාලයේ ආදීසිසුවෙක් වන ඉසුරු අබේවර්ධනට මේවන විට කොළඹ ජනතාව අතර විශේෂ තැනක් හිමිව තිබෙන බව අප කොළඹ කල සංචාරයේ දී තහවුරු විය. කොළඹ නගර සභාවේ සහ අනෙකුත් ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ සහයද ඉසුරු ට ලැබී තිබේ.
විශේෂයෙන්ම ඔහු මැතිවරණයට පෙරම කල හැකි පොරොන්දු දේශපාලනයෙන් තොරවම කල හැකි සේවය ජනතාව හමුවේ ප්‍රකාශ කරයි.

පොදුජන එක්සත් පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ සුළු ජාතික ඡන්දය පදනම ඉහල දැමීම නම් ඉසුරු අබේවර්ධන ට ඉතා සුවිශේෂී හැකියාවක් පවති.

















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.