Feb 19

චීනය ගත් ක්‍රියාමාර්ග අති විශිෂ්ටයි

කොරෝනා වෛරසය පාලනය කිරීමට චීනය ගත් ක්‍රියාමාර්ග නිසා අදවන විට කොරෝනා වෛරසය  පැතිරීම සැහෙන දුරකට පාලනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  පවසයි.

කොරෝනා වෛරසය චීනය තුළ පැතිරීමද දැන් පාලනයවී තිබෙන බව පවසන විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙම  වෛරසය හඳුනාගන්නා අවස්ථාවේ සිට මේ දක්වා චීනය ගෙන ඇති ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ඇගයීමකට පත්ව තිබෙන බව සඳහන් කරයි.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ කොරෝනා වෛරස තත්වය දැන් ශ්‍රී ලංකාවේ සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බවයි.

"අපි මේ සඳහා විශාල වැඩපිළිවෙලක් කරා. මේ වැඩපිළිවෙල තුල අපි ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ගේ විශ්වාසය දිනාගත්තා. නමුත් සමාජ මාධ්‍ය තුල විවිධ ආකරයේ කටකතා පැතිරෙනවා. නමුත් හැමවෙලාවෙම අපි සත්‍ය තොරතුරු එළියට දීලා ඒ දේවල් පරාජය කරලා තිබෙනවා"   විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේය.

"ශ්‍රී ලංකාවේ අපි චීන ජාතිකයන්ට තහංචි පැනෙව්වේ නැහැ. අපි නිසි දැනුවත් වීම් වැඩසටහන් සකස් කළා. චීන භාෂාවෙන් දැනුවත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය කර ලබාදුන්නා. භාෂා ගණනාවකින් තිබෙන මේ දැනුවත් කිරීමේ පත්‍රිකා ගුවන් තොටුපලේදී වගේම  වාරයෙත් මඟීන්ට ලබා දෙනවා." ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ වාර්තාවී ඇත්තේ එකම එක කොරෝනා රෝගියෙක් පමණ බව පවසන විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇයද සම්පුර්ණයෙන්ම සුවය ලබා තිබෙන බව පවසයි.

"සැක කටයුතු ලෙස යමෙක් ඇතුලත් කලාම පුවත් පලවෙනවා කොරෝනා රෝගියෙක් ඇතුලත් කළා කියලා. මේවා වැරදි පුවත්. මම වගකීමෙන් කියනවා"

"නිවැරදි දත්ත මත තීරණ ගත යුත්තේ. අපි අපේ වැඩපිළිවෙල ආරම්භකරන අවදියේ චීන ජාතිකයන් දැක්කම බයවෙන තත්වයක් තිබුණා. නමුත් අද වන විට  අපේ වැඩසටහන නිසා ඒක ක්‍රමක් ක්‍රමයෙන් අඩුවෙලා තියෙනවා.ආර්ථිකයට ගත්තත් අපේ සංචාරක කර්මාන්තයට ගත්තත් මේක තාවකාලික ප්‍රපංචයක්. මේවා ඉතා ඉක්මනින් පහව යයි කියලා අපි හිතනවා." ඔහු සඳහන් කළේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.