Aug
29
මුහුදට ගිය උසස් පෙළ සිසුන් 06 දෙනාගේ මරණයට හේතුව හෙළිවෙයි
උපන් දිනය සමරන්න මුහුදට ගිය උසස් පෙළ සිසුන් 06 දෙනාගේ මරණයට හේතුව හෙළිවෙයි
උසස් පෙළ විභාගය අවසන් වී පාටි දාන්න ගිහින්..
ගමන් කළ බෝට්ටුව නිසි ප්‍රමිතියකින් තිබී නැහැ...
යාපනය - කයිට්ස් - එළිතිව් ජැටිය ආසන්න කලපුවේ දී මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමට හේතු වූයේ බීමත්ව සිටීම සහ ඔවුන් ගමන් කළ තෙප්පම නිසි ප්‍රමිතියෙන් තොරවීම බව අනාවරණ වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ උසස් පෙළ විභාගය නිම වූ යාපනය නගරයේ පාසල් කිහිපයක සිසුන් 07 දෙනෙකු උපන් දිනය සැමරීමේ සාදයක් සඳහා කලපුව ආසන්නයට පැමිණ ඇති බවයි.
එම අවස්ථාවේදී ඔවුන් තෙප්පමට නැගීමට පෙර මත්පැන් ද පානය කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම ඔවුන් කලපුවේ ගමන් කළ තෙප්පම ද යාත්‍රා කිරීමට යෝග්‍ය නොවන අන්දමේ නිසි ප්‍රමිතියෙන් තොර එකක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මිය ගිය සිසුන් යාපනය ප්‍රදේශයේම පදිංචි 19 සහ 20 වයස් කාණ්ඩවල පසුවන්නන්.
වීඩියෝව පහතින්..