Feb 21

දෝණි තාත්තා වගෙයි කියනකොට තාත්තාට සතුටුයි මට ඉරිසියාවයි

කලා කටයුතුවලදී වගේම දේශපාලනයේදීත් අවධානය දිනා ගත් ඇය මේ දිනවල කාර්යබහුල වෙලා තියෙන්නේ මවගේ රාජකාරියත් එක්කයි. දියණියගේ හුරතල් එක්ක ජීවිතේ ගෙවන උපේක්ෂා ස්වර්ණමාලි මේ සටහන එ් පුංචි පවුලේ තොරතුරු ගැනයි.


මව් පදවිය එක්ක උපේක්ෂා පැය විසිහතරම කාර්යබහුල වෙලා කියලා ආරංචියි..?

මව් පදවිය ලබන්න ආසාවෙන් ඉන්න කාලේ වගේ නෙමෙයි මව්පදවිය ලැබුවාට පස්සේ. එ්ක හිතන තරම් ලෙහෙසි නැහැ. පැය විසිහතරම කාර්යබහුලයි. දරුවා එක්කම ඉන්න ඕන. අපිට වගේ නෙමෙයි. නොතේරෙන වයසත් එක්ක එයාගේ හැම හැඟීමක්ම අපිට තේරුම් ගන්න වෙනවා. අඬනකොට අඬන්නේ මොන අපහසුතාවටද කියලා හිතන්න අමාරුයි. එ්ත් එයාව ආදරෙන් තුරුලූ කරගන්න පුළුවන් මානසිකත්වයක් අපිට තියෙන්න ඕන. මම හිතන්නේ හැම අම්මා කෙනකුටම මේ අපහසුතා දැනෙනවා ඇති. එ්ත් දරුවා තව ටිකක් ලොකු වුණාට පස්සේ එ් තරම් අපහසුතාවයක් නොදැනෙන්න පුළුවන්.

තනිකඩ ජීවිතේට වඩා මව්පදවිය බැ?රුම් වගකීම් සහිත නිසා ජීවිතේ විඩාබර ඇති..?

ජීවිතේ විඩාබරයි. හරිම මහන්සි ගතියක් දැනෙනවා. දරුවා ලැබෙන්න ඉන්නකොට වේදනා වින්දා. එ් වේදනා බරින් නිදහස් කියලා හිතුවා දරුවා ලැබුණාට පස්සේ. එ්ත් තව වගකීමක් දරන්න වුණේ. නමුත් මට එ් දේ බරක් විදිහට දැනෙන්නේ නැහැ. විඩාබර ගතිය නොදැනෙන තරම්ම ජීවිතේට වෙනසක් දැනෙනවා. මේ ජීවිතේ හරිම සුන්දරයි.

ජීවිතේ අරුත්බර වුණේ ඉතිං දුව නිසා තමයි. ඇත්තටම කිව්වොත් මව් පදවිය කියන එක වචනවලට ගළපන්න බැහැ. අම්මා කෙනකුගේ හැඟීම දැනෙන්නේ අම්මා කෙනකුටම විතරයි.

උපේක්ෂා කියන්නේ තනිකඩව ඉන්න කාලේ වැඩි වේලාවක් විවේකීව ඉන්න වේලාව හොයා ගත්ත කෙනෙක් නේද..?

ඔව්. මම නින්දට හරිම කෑදර කෙනෙක්. මට නින්ද පැය අටක්වත් ඕන. පොඩි සද්දයකට හරි මගේ නින්ද කැඩුණොත් මම ඊටත් වඩා කාලයක් නිදා ගන්නවා. කෑම කන්න ගියත් නාන්න ගියත් වෙන වැඩක් කරන්න ගියත් මම එ් වැඬේ කරන්න ලොකු කාලයක් ගන්නවා. එ්ත් මගේ එ් ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළේ මගේ දුව. දැන් මම වැඩ කරන්නේ එයාගේ ජීවිතේ ගෙවෙන විදිහටයි. දුවව එක අතින් වඩාගෙන මම විනාඩි දෙකතුනට කන්නත් පුරුදු වෙලා. හැම වැඩක්ම කරන්නේ හරි ඉක්මනට. මුල් කාලේ නම් මට එ් ජීවිතේට හුරු වෙන්න අමාරු වුණා. එ්ත් දැන් නම් මම වෙනස්. දැන් මම නියම අම්මා කෙනෙක් වගේම හොඳ ගෘහණියක් කිව්වොත් හරි.

එ් කියන්නේ උපේක්ෂා දුවණියගේ සියලූම වැඩකටයුතු තනිවම කරගන්නවා කියන එකද..?

ඔව්. දුවව රෝහලෙන් ගෙදර ගෙනාවට පසුව ඉ`දලම මම තමයි එයාව නාවන්නේ. මම එයාගේ වැඩ වෙන කෙනෙක්ට කරන්න දෙන්නේ නැහැ. මගේ අම්මත් තවකෙනෙකුත් උදව්වට ඉන්නවා. මගේ උදව්වට කවුරු හිටියත්. මම දන්නේ නැති දෙවල් අම්මාගෙන් හරි අහලා එ් දේ මම තනියම කරනවා. කාටවත් පවරලා මම නිදහසේ ඉන්නේ නැහැ.

උපේක්ෂා රූපය ගැන හිතන්නෙත් නැද්ද..?

හු`ගක් අය කියනවා විවාහ වුණාට පස්සේ එහෙම නැත්නම් දරුවෙක් ලැබුණට පස්සේ කැත වෙනවා කියලා. එ්ත් අපි හරි විදිහට පෝෂණ සහිත ආහාර ගන්නවා නම් එහෙම කැත වෙන්නේ නැහැ. මම දැන් කෙට්ටු වෙලා. මට හිතෙන විදිහට නම් මම දැන් තමයි ලස්සන. මගේ රූපය කැතවෙයි කියලා මම නම් මගේ දරුවාට මව් කිරි නොදී ඉන්නේ නැහැ. මම බබාට අවුරුද්දක් යනකල් දෙන්නේ මව්කිරි. දරුවාට කිරි දෙන්න නම් මම පෝෂ්‍යදායක ආහාර ගන්න ඕන. මම පිටරටක ජීවත් වුණ කෙනෙක් විදිහට ඉස්සර නම් බත් කෑවෙම නැහැ. එ්ත් මම දැන් හොඳට බත් කනවා. එළවළු, පලතුරු වැඩිපුර කනවා.

අපේ ගෙවත්තේ මට ඕන පලතුරුත් තියෙනවා. මම එ් දේවල් කරන්නේ මගේ රූපය පවත්වා ගන්න නෙමෙයි. දරුවා ගැන හිතලා. නමුත් මමත් නිරෝගියි.

පවුලට එකතු වුණ අලූත්ම සාමාජිකාවගේ හැඩරුව කවුරු වගේ කියලද ප‍්‍රතිචාර එන්නේ..?

අපේ දුව ධනුජී ෂැනන් පෙරේරා. මාස තුනයි. දුව ඉපදුණ දවසේ නම් හුඟක් අය කිව්වේ සමන්ත වගේ කියලා. එ් ප‍්‍රතිචාරවලට සමන්ත හුඟක් සතුටු වුණා. එතකොට මට නම් එ් ගැන ඊර්ෂි්‍යාවක් ඇති වුණේ. මං වගේ කියලා කවුරුත් කිව්වේ නැති නිසා. එ්ත් දැන් නම් දුවගේ හැඩරුව මං වගේ කියලයි හුඟ දෙනෙක් කියන්නේ. එතකොට සමන්තට ඊර්ෂ්‍යයි. ආදරේදී ඇතිවෙන ආත්මාර්ථකාමි හැඟීම තමයි එ් විදිහට එළියට එන්නේ.

ඇය සමීප ඔබටද, සමන්තටද..?

මම නිතරම එයා ළඟ ඉන්න නිසා එයාට එපා වෙලත් ඇති. එ්ත් එයා මාව වගේම සමන්තව හොඳටම අඳුරනවා. එයා ඉපදුණාට පස්සේ සමන්ත ළඟදී දවසක හදිසි වැඩකට ගිහිං ? ආවේ නැහැ. උදේ සමන්ත මට කතා කළා. එ් ඇමතුම එන වේලාවේ දුව හිටියේ කිරිබොන ගමන්. සමන්තගේ කටහඬ ඇහිලා එයා කිරි බොන එක නතර කරලා ෙදාර දිහා බැලූවා. ඇත්තටම මටත් පුදුම හිතුණා එයා ප‍්‍රතිචාර දැක්වු විදිහට. දුවක් නිසා ඉතිං තාත්තාට වැඩිපුර එකතු වෙයි කියලා හිතෙනවා.

කොහොමද ඔබේ සැමියා සමන්තගෙන් පවුලට ලැබෙන සහයෝගය..?

සමන්ත කියන්නේ ව්‍යාපාර කටයුතු එක්ක කාර්යබහුල වෙන කෙනෙක්. එයාගෙන් මට ගෙදර වැඩට හෝ මට උදව්වක් බලාපොරොත්තු වෙන්න බැහැ. දැන් ජීවන වියදම හොඳටම දැනෙනවා. එයා ආර්ථික මට්ටමින් ශක්තිමත් වෙලා ඉන්න ඕන. එ්කට එයාට මගේ සහයෝගය දෙන්න වෙන්නේ එයාට අවශ්‍ය නිදහස දීලයි. මම එ් නිදහස එයාට දෙනවා. එයාගෙන් අපිට ආදරේ ආරක්ෂාව රැුකබලාගැනීම ලැබෙනවා. මට නම් එ් හොඳටම ඇති.

දුවණිය නිසා උපේක්ෂාගේ ආදරේ සමන්තට අඩු වෙලා කියලා තවම චෝදනා ඇවිත් නැද්ද..?

මම එයාට ගොඩක් ආදරෙයි. එ් ආදරේ වෙනසක් වෙලා නම් නැහැ. මගේ වයසත් එක්ක බලද්දී සමන්ත මට වඩා ටිකක් වැඩිමහල්. එයා ජීවිතේ පරිණත බව විඳිනවා. මම හිතන්නේ එ් නිසාම එයා මාව තේරුම් අරගෙන ඉන්නේ. එ්ත් මුල් දවස්වල නම් මම සමන්තගේ ආදරේ ඉල්ලමින් දැවටුණා පොඩි එකෙක් වගේ. දැන් මගේ ආදරේ අඩු වෙලාද කියලා එයාගෙන්ම අහලා බලන්න ඕන.

ආයෙමත් කලා කටයුතුවලට එකතු වෙනවාද.. නැත්නම් උපේක්ෂාගේ දක්ෂතාත් ගෙදරට සීමා වෙයිද..?

මම රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍ය දෙකක් නැවත විකාශය වෙනවා. රියැලිටි නර්තන තරගයකටත් ආරාධනා ලැබුණා. එ්කට තවම කැමැත්ත ප‍්‍රකාශ කළේ නැහැ. මම දුව එක්ක වැඩිපුර කාලයක් හිටියත් මැරෙනකල්ම රඟපාන්න ආසයි. මට සමන්තගෙන් නීති වැටිලත් නැහැ, රඟපාන්න එපා කියලා. ඉස්සර සමන්තත් මගේ රසිකයෙක් කියලයි එයා නම් කිව්වේ. එ් නිසා ඉදිරියේදී රඟපානවා. පවුලේ ආර්ථිකයට ශක්තියක් වෙන්න මමත් කැමැතියි ගෙදරට සීමා වෙලා ඉන්නේ නැතුව. එ්ත් පවුලට තමයි මගේ ජීවිතේ පළමු තැන කියන එකත් මතක් කරන්න ඕන.

හර්ෂණී වීරරත්න
මුලාශ්‍ර - රිවිර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.