Dec
03
ස්වර්ණවාහිනිය විකුණා නැහැ කටකතාවක් විතරයි
EAP සමූහ ව්‍යාපාරය සතුව තියෙන ප‍්‍රබලතම මාධ්‍ය ආයතනය වන ස්වර්ණවාහිනිය වෙනත් පාර්ශවයක් විසින් මිලදි ගත්තා කියලා එක එක කතා පැතිර යනවා. මේ පැතිර යන කටකතා ගැන ස්වර්ණවාහිනි පාලනාධිකාරිය නම් කියන්නේ කිසිම සත්‍යතාවයක් නැහැ කියලා.
ස්වර්ණවාහිනිය පාලනය කරන්නේ EAP සමූහ ව්‍යාපාරයේ උප සභාපති වගේම EBC මාධ්‍ය ජාලයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ජීවක එදිරිසිංහ මහතා විසින්.
ඒ වගේම නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මින් ස්වර්ණවාහිනියේ මෙන්ම EAP සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ලෙස ද තවදුරටත් කටයුතු කරන බවද ඔහුන් පවසනවා.
EAP එදිරිසිංහ මහතා විසින් ආරම්භ කළ සෝමා එදිරිසිංහ මැතිණිය විසින් හිණිපෙත්තට ඔසවා තැබු ඒ ශක්තිමත් දේශිය ව්‍යාපාර ජාලය එදා මෙන්ම අදත් සැබැවින්ම එදිරිසිංහ පවුල සතු බවයි ස්වර්ණවාහිනි පාලනාධිකාරිය පවසා සිටින්නේ.
චිත‍්‍රපට කර්මාන්තය, මුල්‍ය, සිනමා හා හෝටල් ආදි විවිධ ක්ෂේත‍්‍රවල සිටින EAP සමාගම සතුව ස්වර්ණවාහිනි, ETV, ශ්‍රී FM, රන්වන් FM ලෙසින් රටේ ප‍්‍රබලතම විද්‍යුත් ආයතන පවතිනවා.
මෙහිදී ඔවුන් තව දුරටත් කියා සිටියේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නවමන් සොයා යන ශක්තිමත් ව්‍යාපාරික ජාලයක් වන EAP සමුහ ව්‍යාපාරය ඉදිරියේදී නැවුම් අත්දැකීම් රැසක් සමගින් ඔබ හමුවට පැමිණීමට සුදානමින් සිටින බවයි.