Dec
03
මොරගහකන්දට ජලය පුරවයි... ජනපති සිහිනය සැබෑ වෙයි

'ඇයි මේ...?'
මේ මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය ගැන කෙරෙන දෙවැනි දිගහැරුම.
'එතකොට'
ඒ ගැනයි කියන්න ගියේ. මේක පෞද්ගලික නොවුණු පොදු හීනයක්. ඒ හීනය දැක්කේ වර්තමාන ජනාධිපතිතුමා. ඇමැතිවරයෙක්ව හිටපු කාලේ මොරගහකන්දට නිල වශයෙන් මුල්ගල තියන්නෙත් එතුමාගේ අතින්. හැබැයි එහෙමය කියලා කිසිම නරකක්, හොඳ කරන්නේ නෑ. එහෙම වෙන්නේ මේ මිනිස්සුන්ගේ හදගැස්ම තරමටම මිනිස්සුන්ට කිට්ටු දෙයක් නිසා. අපි මීට කලින් සතියේ හොයා ගත්ත සමහර කරුණු ඇත්තද කියලා ඉන්ජිනේරු මහත්වරුන්ගේ පැත්තෙන් කෙරෙන විමසුම තමයි මේ.
මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතියේ, ව්‍යාපෘති අධ්යක්ෂ කේ.බී. තෙන්නකෝන්, ජේයෂ්ඨ නියෝජ්‍ය අධ්යක්ෂ ඩී.බී. විජේරත්න, නියෝජ්‍ය ව්‍යාපෘති අධ්යක්ෂ ඉඩම් අත්පත් කරගැනීම සහ නැවත පදිංචි කිරීම් ආර්.එම්. මහින්ද රණසිංහ, නේවාසික ඉන්ජිනේරු පී.එස්. බණ්ඩාර කියන මහත්වරු පිරිස අපට මුණ ගැහුණා.
'මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ඉදිවුණු බැම්මේ පැල්මක් තිබුණද?'
එහෙම එකක් නෑ. නමුත් කොන්ක්‍රීට් එකක් දැම්මම පොඩි පොඩි පැලුම් වගේ ඒවා පේනවා. අපි එහෙම එකක් දැක්කොත් අවශ්‍ය ප්‍රතිකර්ම කරනවා. ඒ වගේම කොටස් දෙකක් වශයෙන් තියෙන කොන්ක්‍රිට් කොටස් අතර සම්බන්ධවීම් දැක්කම නොදන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් පැල්මක් කියලා. නමුත් නෑ. ඒ තාක්ෂණික උපක්‍රමයක්. ඒවා ඉතාම හොඳින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව 'වෝටර් සීල්' කරලයි තියෙන්නේ. අනෙක මේ වගේ විශාල බැම්මක පැල්මක් ඇති වුණොත් ඒක එහෙම වහලා දාන්න බෑ.
මේ බැම්ම හදන්න කලින් මේ බිමේ පාදම සකස් කරන්න පිහිටි ගලක් හම්බුණේ නැද්ද?
එහෙම ප්‍රශ්නයක් වුණේ නෑ. සාමාන්‍යයෙන් මෙතැන තියෙන්නේ තට්ටු වශයෙන් තියෙන ගලක්. මේ ස්ථානය තෝරගන්න අපි විශාල වශයෙන් පරීක්ෂණ කළා. ගල ඇතුළට විදලා කොටස් අරගෙන පරීක්ෂණ කළා. 2016.09.25 අවසන් කරන්න තිබුණ වැඩ කොටසක් 2017.05.31 දක්වා කල් ගියා.
මෙතැන මිනිරන් සහිත ගලක් තියෙනවද?
මේ ප්‍රදේශයේ තියෙනවා. නමුත් අපි මේ සඳහා තෝරාගන්න තැන තිබුණෙ නෑ.
ඒ කියන්නේ අහඹු ලෙසද එහෙම තැනක් හම්බුණේ?
නෑ.නෑ. පරීක්ෂණ කටයුතුවලින් තමයි මෙතැන හොයාගත්තේ.
'ජයිකා' එකෙන් මේ වැඩේ අතඇරලා ගියාද?
නෑ... නෑ.... ඒක සම්පූර්ණ අසත්‍යයක්. මොකද ජයිකා ආයතනය දිගින් දිගටම අපිත් එක්ක හිටියා. ඒ අය නිකුත් කරපු පරීක්ෂණ වාර්තා එහෙමත් අපි ළඟ තියෙනවා. හැබැයි ජයිකා ආයතනයේ ණය කොන්දේසිවල ප්‍රශ්න තිබුණා. ඒ වගේම ඒ අයගේ මොනවා හරි ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා අනවශ්‍ය ප්‍රමාද වීමක් සිදුවුණා.
ඒ අතර අපිට චීනයෙන් ණය ලැබුණා. අපි ඒ ණය ආධාර යටතේ තමයි මොරගහකන්ද කළුගල සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළේ.
ජපන් බඩුවලට වඩා චීන බඩු හොඳ නෑ කියලයි කියන්නේ. නොරොච්චෝලෙ බලාගාරේ ඒකට හොඳ උදාහරණයක්
අපි නම් දන්න විදියට චීනය ලෝකයේ ඉහළම තාක්ෂණය සහිත රටක්. ලෝකයේ හොඳම ටර්බයින් හදන්නේ චීනයේ. ඒ වගේම අපි ඡ්ර්ථීඛ් එකත් එක්ක ඇති කරගත්ත ගිවිසුමක් තියෙනවා. ඒ අය හරහා අපිට මිල ගණන් ඉදිරිපත් කළා චීන සමාගම් දෙකක්. අපි ඉන් එකක් තෝරාගත්තා.
සාමාන්‍යයෙන් මේ වගේ ව්‍යාපෘතිවලදී ඩිසයින් ඇන්ඩ් බිල්ඩින්' කියන විදියට කොන්ත්‍රාත් එක ලබාගන්නේ. එතකොට වෙන කෙනෙක්ට මැදිහත් වෙන්න බෑ. නමුත් අපි විදේශ රටවල ඉරානයෙන් වගේ ඉන්ජිනේරුවෝ ගෙනල්ලා තියෙනවා. මේ කටයුතු නිරීක්ෂණයට. ඒ වගේම ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවන් පනහක විතර පිරිසක් ඉන්නවා. අපි කොන්ක්‍රීට් මිශ්‍රණයේ ඉඳලම ඉතාම කල්පනාවෙන් ඉන්නේ. ඒ නිසා මේක කිසිසේත්ම නොරොච්චෝලේ තත්ත්වයට එන්නේ නෑ. මේ ගැන විශ්වාසය සියයට දාහක් තියන්න පුළුවන්. අපි පැය විසිහතරේම නිලධාරීන් යොදවලා තියෙනවා.
ඒක කොහෙත් වෙන දෙයක්. සිමෙන්ති කිලෝ විසි එක්දාහක්. එක තැනකට ගිහිල්ලා නෑ. පන්දාහක් වගේ වෙනකොට අපි නතර කරනවා. ඒක ශක්තිමත් වුණාමයි ඉතිරි කොටස කරන්නේ.
මේ හරහා වෙන්නේ කළුගල්වල සමහර විට පුංචි පුංචි සිදුරු තියෙනවා. ඇතුළෙත් පැල්මවල් තියෙනවා. ඒ සඳහා ප්‍රෙෂර් ටෙස්ට් එකක් කරනවා. මේ සිමෙන්ති ප්‍රෙෂර් කිරීමෙන් වෙන්නේ කළුගල්වල සිදුරුවලට අර සිමෙන්ති ඇතුළු වෙනවා. ඒ හරහා බර දැරීමේදී ගලට වෙන හානිය නැතිවෙනවා. අපි විශේෂයෙන්ම බර දරා සිටීම සඳහා පහළ ගල් වැටිය සකස් කරනවා. ග්රවුටින් කරනවා කියන්නෙත් එහෙම දෙයක්. අපි මේ පිහිටි ගල හරහා ජලය පහළට කාන්දු වෙන එක පවා නතර කරනවා.
මේ හරහා නිවාස අහිමි වුණ අයට ඇත්තටම ප්‍රශ්න තියෙනවානේ?
මේ ව්‍යාපෘතිය සඳහා නිවාස තුන්දහසක් විතර අත්පත් කරගෙන තියෙනවා. අපි ඒ අතර විශාල පිරිසකට වන්දි ගෙවීමට අදාළ සියලුම කටයුතු කරලා ඉවරයි ඒ අයට 2008 නිකුත් වෙච්ච විශේෂ චක්‍රලේඛයක් අනුවයි. වන්දි ගෙවීම් කටයුතු සිදු කරන්නේ. ඒ අනුව නිවෙසක වර්තමාන වටිනාකම හා ඉඩමක වර්තමාන තක්සේරුව අනුව ගෙවීම් කරනවා. ඒ අතර පසුගිය දවසක ජනාධිපතිතුමා එකඟ වුණා. ඒ මුදලින් සියයට පනහක මුදලක් වැඩිපුර ගෙවන්න. ඒ අනුව ලක්ෂ දහයක් ගෙවිය යුතු තැනකට ලක්ෂ පහළොවක් ගෙවනවා.
ඒ වගේම රජයේ ඉඩම්වල හිටපු අයටත් අපි මුදල් ගෙවනවා. ඒ අයට එකතු වෙලා එතකොට ලක්ෂ දහඅට හමාරක විතර මුදලක් ලැබෙන්න නියමිතයි.
ඒ වගේම එක ගෙදරක හිටපු අනු පවුල්වලටත් අපි වන්දි දුන්නා. ඒ වගේම අප ඉවත්වීමේ දීමනාවක් දුන්නා. ගොඩින් අක්කර භාගයයි. මඩින් අක්කර එකහමාරයි ලැබුණු අයට අමතරව තුන් දෙනෙක්ගේ පවුලට රුපියල් හය දාහක විතර බඩු මල්ලක් මාසිකව දෙනවා. කෘෂිකර්ම උපකරණ දෙනවා. ඒ වගේම ව්‍යාපෘතියේ කඩඉම් දිනය විදියට කෙනෙක්ට ඉවත් වීමට දීලා තිබුණු දිනය 2015.01.20 වුණාට දැන් 2015.12.31 දක්වා දීර්ඝ කරලා තියෙනවා. ඒ වගේම කර්මාන්තයක් පටන්ගන්න කෙනෙක්ට රුපියල් 25,000ක මුදලක් දිරි දීමනාවක් විදියට ලබා දෙනවා. අවශ්‍ය අයට ලක්ෂ තුනක මුදලක් ණය වශයෙන් අඩු පොලියට ලබා දෙනවා.
මේ හරහා ලැබෙන ප්රතිලාභ අති විශාලයිනේ කෙටියෙන් විස්තර කළොත්?
කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජලය ඒ වගේම පානීය ජලය හා ජල විදුලිය මේ හරහා ලැබෙනවා. මාගම්පිටිය, සෝමාවතිය හරහා කිසිම ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලායන ජලය කියුබික් මීටර් 727ක ප්‍රමාණය මේ හරහා 234ට අඩු වෙනවා. ඒ ඇති ජලය රට ඇතුළේ ප්‍රයෝජනයට ගැනෙනවා. ඒ වගේම අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වගේ ප්‍රදේශවල දැනට යලට විතරක් වගා කරන ගොවීන්ට යල මහ දෙකන්නයම වගා කරන්න ලැබෙනවා. ඒ ප්‍රදේශවල තියෙන උග්‍රම ප්රශ්නය පානීය ජලය. පානීය ජලය හොඳ නැති නිසා වකුගඩු රෝගය පැතිරෙනවා. මේ හරහා ඒ ප්‍රදේශයට පිරිසුදු පනීය ජලය ලැබෙනවා. කුරුණෑගල පැත්තේ තියෙන කුඩා වැව් විස්සකට මේ හරහා ජලය ලබා දෙනවා. සාමාන්‍යයෙන් පරාක්‍රම සමුද්‍රයේ ධාරිතාව කියුබික් මීටර් එකොළොස්දාහක් වෙනකොට මෙතැන ප්‍රමාණය හතළිස් හයදාහක් වෙනවා. මේ තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේම අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය, මේ වෙනකොට විශාල වශයෙන් සාර්ථකයි. ජනවාරි 15 වෙනකොට වතුර පුරවනවා. මේක ලංකා ඉතිහාසයේම ජයග්‍රහණයක් වෙනවා.
ඔවුන් බොහෝ දේ කිව්වා. ඒ වචන තාක්ෂණිකයි. නොතේරෙනසුලුයි. නමුත් අවසාන වශයෙන් ඔවුන් කියන්නේ මේක ජයග්‍රහණයක් කියලා. එහෙම නම් කමක් නෑ. ඔවුන් විශ්වාසය පිළිබඳ දහස්වාරයක් සහතික වෙනවා. ඔව්. අපි ඔබව විශ්වාස කරනවා. අතිගරු ජනාධිපතිතුමනි, මින්නේරි දෙවි පිහිටෙන් ඔබේ සිහිනය මල්පල දරයි. රටෙන් භාගයක් බතින් බුලතින් සරුසාර වෙන ඒ දැවැන්ත ව්‍යාපෘතියට අවසාන වශයෙන් අපිත් සුබ පතනවා.
- මව්බිම