Dec
29
ජෝන්ස්ටන්ගේ පුතු ධූරයෙන් නෙරපයි
පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් විසින් අදාළ තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා මෙලෙස තනතුරෙන් ඉවත් කිරීමට හේතු වී ඇත්තේ දීර්ඝ කාලයක් පළාත් සභාවේ කටයුතුවලට සහභාගී නොවීම බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ මහතා පැවසුවේය.
ඒ අනුව වයඹ පළාත් ආණ්ඩු පක්ෂ සංවිධායක ධුරයට එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී බණ්ඩාර රාජපක්ෂ මහතා පත් කර ඇති බව සඳහන්ය.