Nov
24
පාසල් සිසුවාට පහර දුන් චණ්ඩි හතරදෙනා ගෙදර යයි

පොලිසිය පැවසුවේ දෙපාර්ශ්වය අතර ඇති වූ සමථයක් අනුව සැකකරුවන් මෙලෙස මුදාහළ බවයි.
ඉකුත් 21 වෙනිදා පාසල නිම වී පාසල් ගේට්ටුවෙන් පිටතට පැමිණි සිසුවෙකුට පිටස්තර කිහිපදෙනෙකු විසින් පහරදුන්නා.
ඊට අදාළ වීඩියෝවක් අන්තර්ජාලයේ ද විය.
අනතුරුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මෙන්ම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකගේ ද අවධානය මේ කෙරෙහි යොමු වුණා.
පහරදීම පිළිබඳ විමර්ශන ආරම්භ කෙරුණේ ඒ අනුවයි. ගැටුමට හේතු වී ඇත්තේ විනයානුකූලව කොණ්ඩය කපන්නැයි ශිෂ්‍ය නායකයෙකු කළ අවවාදයක්.