Nov
07
සරත් කුමාර ගුණරත්නට ඇප ලැබෙයි

අදාළ නඩුව අද (07) කැඳවූ අවස්ථාවේ මීගමුව මහ අධිකරණය විනිසුරුවරයා විසින් අදාළ නියෝගය ලබා දී ඇති බව වාර්තා වෙයි.
රුපියල් 50,000 ක මුදල් ඇපයක් හා ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2 ක් මත ඔහුට ඇප ලබා දී ඇති බව සඳහන්ය.
එමෙන්ම විදෙස් ගමන් තහනම් කර ඇති අතර සෑම මසකම 3 වන ඉරිදා දින මීගමුව පොලීසිය ඉදිරියේ පෙනී සිටින ලෙස මහ අධිකරණය විනිසුරුවරයා නියෝග කර තිබේ.
මේ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා හෙට (08) දිනයෙ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2001 වර්ෂයේ මීගමුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පෙළපාලියකින් රැස්වීමකට සහභාගිවෙමින් සිටි පාක්ෂිකයින් දෙදෙනෙකු අනතුරකට ලක් කිරීමේ සිදුවීමකට අදාළව සරත් කුමාර ගුණරත්න මහතා එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.