Nov 07

රිදී තිරයට පායපු රන් දේදුන්න ටනාෂා සතරසිංහ

”මගෙ සිහිනය වුණේ ජාත්‍යන්තරව රටට මොන විදියකින් හෝ කීර්තියක් ගෙන දෙන්නයි. මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල් හරහා රට වෙනුවෙන් මට පුංචියට හෝ යමක් කළ හැකි වුණා. රටවල් 61ක විතර තරගකාරියන් ඒ තරගයට එදා පෙනී සිටියා. ඒ අවස්ථාව ඇත්තටම මට අදටත් සුන්දර මොහොතක්”

ටනාෂා සතරසිංහ මේ විදියට ක්ෂේත‍්‍රයට ආවේ නිරූපණ ශිල්පිනියක ලෙසයි. ඒ අතරේදී දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයෙන් දෙවැනි තැන ලබා ගෙන ඉන්පසුව තමයි මිස් ග්ලෝබ් තරගයට ඉදිරිපත් වුණෙත්. ඒ අතරවාරයේදී ඇය රූපවාහිනී දැන්වීම් මෙන්ම ගීත ජවනිකා එනම් මියුසික් වීඩියෝ සඳහාත් නිරන්තරයෙන් දායක වුණා.

ඒ විදියට ක්ෂේත‍්‍රයේ නමක් දිනාගෙන සිටින ඇය ගැන මේ දිනවල වැඩි දෙනා කතා වන්නේ නලීන් රාජපක්ෂගේ ‘රන් දේදුන්නක්’ චිත‍්‍රපටය නිසයි. එහි ප‍්‍රධාන චරිතයක් සමග සිනමාවට පැමිණි ටනාෂාගේ අරමුණ ශ්‍රී ලාංකීය සිනමාව ඔස්සේ දිගු ගමනක නිරතවීමයි. එලෙසින් ගමනකට අවතීර්ණ වී රන් දේදුන්නක් හැඩ කරන ටනාෂා සඳැල්ල කතාබහ හැඩ කළේ මෙලෙසිනි.

ටනාෂා මේ ඔබ රඟපාන ප‍්‍රථම චිත‍්‍රපටය නේද?

ඔව්.

මීට පෙර රඟපාලා තිබුණෙ නැද්ද?

‘තිමිරගිර’ ටෙලිනාට්‍යයේ රඟපෑවා.

ඉන්පස්සේ ටෙලිනාට්‍යවල රඟපෑවේ නැද්ද?

ටෙලිනාට්‍යවලට වඩා මගේ කැමැත්ත තියෙන්නේ සිනමාවටයි. ඒ නිසා සිනමාව ඔස්සේ දිගටම රැුඳී සිටීම තමයි අරමුණ.

රන් දේදුන්නෙන් පසුව තවත් සිනමා චරිත ලැබුණ ද?

මොහාන් නියාස්ගේ ‘බඹර වසන්තය’ සහ චන්න පෙරේරාගේ ‘පුංචි වීරයෝ’ රඟපෑවා. ඒ චිත‍්‍රපට දෙක තිරගතවීමට නියමිතයි.

දැන් එතකොට ඔබ ඉදිරියේදී වැඩිපුර දකින්න පුළුවන් සිනමාවෙන්?

ඔව් එහෙම වේවි.

නමුත් එදා ඉඳලා මේ දක්වාම මම කටයුතු කරන්නේ වෘත්තීය නිරූපිකාවක ලෙසයි. ?ම්ප් මොඩල් කෙනෙක්. බ‍්‍රයිඩල් මියුසික් වීඩියෝවලටත් වැඩිපුර දායකත්වය ලබා දෙනවා. රූපවාහිනියේ ප‍්‍රචාරය වන දැන්වීම් බොහොමයකටත් පෙනී සිටියා. ඒ අතරින් අනගි සහ ඩෙන්ටා දැන්වීම් වඩා ජනප‍්‍රියයි.

රන් දේදුන්නක් චිත‍්‍රපටය සඳහා ඔබට අවස්ථාව ලැබුණෙ කොහොම ද?

දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයට මම ඉදිරිපත් වෙමින් සිටියදී රොෂාන් රණවන අයියා ප‍්‍රධාන ආරාධිතයකු ලෙස එදා මට හමුවුණා. රොෂාන් අයියා තමයි රන් දේදුන්නක් චිත‍්‍රපටයට මාව හඳුන්වලා දුන්නේ.

සිනමාවේ ඔබගේ වීර චරිත වුණේ කවුද?

‘විජය-මාලනි’ යුවළට ඇත්තටම ආසයි. ඒ වගේම කමල් අද්දරආච්චිගේ රඟපෑම්වලටත් ආසයි.

ඒ වුණාට ඔබ නිතරම නරඹන්නෙ කොරියානු ටෙලි නිර්මාණ කියලා තමයි ඔබගෙ අම්මා කිව්වේ.

ඒක හරි. ඒ තරමටම මම ඒවා නරඹන්න ඇබ්බැහි වෙලා.

ගෙදර අය ඔබට කියන්නේ පිංකි කියලා නේද?

ගෙදර කට්ටිය මට ආදරේට කියන්නෙ එහෙමයි.

පවුලේ වැඩිමලා ටනාෂා?

ඔව් මම වැඩිමලා. මට ඉන්නේ නංගිලාම තුන්දෙනෙක්.

මොනවද ඔබට තියෙන වගකීම් ?

අක්කා හැටියට මම නංගිලාට වඩාත් ආදර්ශවත් විදියට ඉන්න ඕනෑ. එයාලා හරි මග යන්නෙ මගේ ක‍්‍රමය දිහා බලලයි. ඉතින් මට ලොකු වගකීමක් තියෙන්නේ. කොහොමටත් මම නිතරම හිතන්නේ හොඳ නමක් තියා ගන්නයි.

හොඳ නම තියා ගන්න කොහොමද සමාජයේ හැසිරෙන්න ඕනෑ?

මුලින්ම අපි නියැලෙන විෂය ගැන හොඳ හැදෑරීමක් කළ යුතු වෙනවා. දැනුම ලබා ගන්න ඕනෑ. ඒ විතරක්ම මදි ඒ වටපිටාව ගැනත් අවබෝධයෙන් සිටින්න වෙනවා. ක්ෂේත‍්‍රය ගැන වගේම බාහිර වටපිටාව ගැනත් අවබෝධයක් නැතුව මේ ගමන යන්න බැහැ.

සුන්දර තරුණියක ලෙස පිරිමි පාර්ශ්වයේ යෝජනා සහ ප‍්‍රතිචාරවලට ඔබ කොහොමද ප‍්‍රතිචාර දක්වන්නේ?

එයාලා මොකටද එන්නේ කියන දේ ගැන වැටහීමක් තියෙන්න ඕනෑ. ඒකයි මම කිව්වේ බාහිර සමාජය ගැන වැටහීමක් අත්‍යවශ්‍යයි කියලා. එහෙම වුණාම අපට ඕනෑම සමාජයක හරි විදියට ජීවත් වෙන්න පුළුවනි.

නිරන්තරයෙන් ලැබෙන යෝජනා ප‍්‍රතික්ෂේප කරන්නේ කොහොමද?

ඒ විදියට අනවශ්‍ය යෝජනා නම් එන්නේ නැහැ. එතැනදී බලපාන්නෙ අපි කටයුතු කරන විදියත් එක්කයි. ඒ වගේම මගේ අම්මා නිරන්තරයෙන් මා එක්ක සිටින නිසා අනවශ්‍ය ප‍්‍රශ්න ඇතිවෙලා නැහැ.

ටනාෂා ගැන ටනාෂාට හිතෙන්නෙ කොහොම ද?

මම හිතන්නෙ මම බොහොම හොඳ ළමයෙක්. අපේ අම්මා අනෙක් අයට මං ගැන කියද්දී මම අහගෙන ඉඳලා තියෙනවා. මං හොඳ කීකරු ළමයෙක් කියලා තමයි අම්මා කියන්නේ. ඒ ගැන මම සතුටු වෙනවා.

- සඳැල්ල
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.