Nov
07
ධනංජයගේ ශතකය ලංකාව බේරාගනී

මෙම අවස්ථාවේදී එක්වූ උපුල් තරංග සහ ධනංජය ද සිල්වා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 75 ක අඛණ්ඩ සම්බන්ධතාව හේතුවෙන් හිස ඔසවාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ පළමු දින තේ පානය වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 187 ක් ලබා සිටියහ. ඒ වන විට උපුල් තරංග (නොදැවී 50) සහ ධනංජය ද සිල්වා (නොදැවී 40) පිටියේ රැඳී සිටියහ.
නමුත් තේ පානයෙන් අනතුරුව ලකුණු 79ක් ලබා සිටි උපුල් තරංග දැවී යාමත් සමඟ කණ්ඩායමට සවියක් වූ ධනංජය සිය දෙවන ටෙස්ට් ශතකය ලබා ගැනීමට සමත් වුණා.
පළමු දවසට තරගය නතර කරනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් බිඳ වැටි ලකුණු 290ක් ලබා සිටියා.