Nov
08
ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සිසුන් දහදෙනෙකුට චීනයේ අධ්‍යන චාරිකාවක්
ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සදහා මෙන්ම ඩිජිටල් තාක්ෂණය අතින් ශ්‍රී ලංකාව සවිබලගැන්වීම අරමුණු කර ගනිමින් විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සහ හුවාවෙයි සමග එක්ව "Seeds for future " සමාජ සත්කාර වැඩසටහන යටතේ තෝරාගත් ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සිසුන් 10 දෙනෙකුට චීනයේ අධ්‍යන චාරිකාවක් ලබාදෙමින් එහි සමාරම්බය සනිටුහන් කිරීම පසුගිය (01) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ගරු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
පසුගිය ( 06 )වන දින චීනය බලා පිටත්ව ගිය මොවුන් පිළිගැනීම ඊයේ (07) දින බීජින්හි Huawei experience centerහිදී චීනයේ ශ්‍රී ලංකානු තානාපති කරැනාසේන කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.මෙම සිසුන් 2016 නොවැම්බර් 19 වනදා දක්වා චීනයේ අධ්‍යන චාරිකාවක නිරතවන අතර හුවාවෙයි විසින් පුර්ණ අනුග්‍රහය දක්වයි.
දිවයින පුරා පිහිටි සරසවි 8 කින් මෙම සිසුන් 10 දෙනා තෝරා ගෙන ඇති අතර එම සිසුන් තෝරා ගැනීම විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ මෙන්ම හුවාවෙයි හි මැදිහත්වීමෙන් සිදුකර තිබේ .මෙම අධ්‍යාපන චාරිකාව අතරතුරදී එම සිසුන්ට චීනයේ සම්ප්‍රදායික සංස්කෘතිකය, චීන අක්ෂර කලාව,චීන සහ බෙයිජිං භාෂාව බෙයිජිං හි පිහිටි සංස්කෘතික විශ්වවිද්‍යාලයේදී හැදෑරීමට අවස්ථාව හිමිවෙයි.මිට අමතරව අති නවින තාක්ෂණය පිළිබද හැදෑරීම සදහා මෙම සිසුන් හුවාවෙයි මුලස්ථානය වෙත යොමුකෙරේ.එහිදී LTE තාක්ෂණය,cloud computing ,ආදී තාක්ෂණය පිළිබඳව චීනයේ ෂෙංෂෑන් හි පිහිටි ඉහළ තාක්ෂණයෙන් පිරිපුන් විද්‍යාගාර තුළදී අත්දැකීම් ලැබීමට අවස්ථාව හිමිවෙයි. නවීනතම තොරතුරු තාක්ෂණික වැඩිදියුණු කිරීම පිළිබඳව හුවාවෙයි විද්‍යාගාර තුළදී හුවාවෙයි හී පළපුරුදු තාක්ෂණික ශිල්පීන් වෙතින් දැනුම සහ අත්දැකිම් ලබාගැනීමට හැකිවීම මෙහි ඇති සුවිශේෂත්වය කි. නවීනතම තොරතුරු තාක්ෂණය පිළිබඳව සජීවී නිදර්ශක රැසක් සමග ප්‍රායෝගික පුහුණුවක් ලැබීමට මෙම චාරිකාව සදහා සහභාගී වන්නන්ට අවස්ථාව හිමි වෙයි.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නැංවීම සදහා හුවාවෙයි හී මෙම මැදිහත්වීම සම්බන්ධයෙන් කෘතඥතාව පළකරන බවයි.මේ යටතේ චීන සංචාරය සදහා තෝරාගෙන ඇති සිසුන්ට තොරතුරු තාක්ෂණ විෂයට අදාලව තමන්ගේ කුසලතා වර්ධනය කරගැනීම ඉතා හොද අවස්ථාවක් හිමිවී ඇති බවත්,තාක්ෂණය සහ කුසලතාවය අතින් ඉතා උසස් දැනුමක් සහ අවබෝධයක් මෙහිදී ලබාගත හැකිබවත් හෙතෙම වැඩි දුරටත් කියයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය නව නිර්මාණවල අවශ්‍යතාව සම්පුර්ණ කරගැනීමට මෙවැනි වැඩසටහන් රුකුලක් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ සිසුන් තුළ නව ආත්ම ශක්තිය මෙහිදී වර්ධනය වීමනිසා බහු සංස්කෘතික පසුබිමක් තුළ ප්‍රමුඛ රැකියා අවස්ථා හිමි කර ගැනීමට පවා සිසුන්ට හැකියාව ලැබෙන බවත් මෙය ලංකාවෙ ඇතිවෙමින් තිබෙන ඩිජිටල් වෙනසට මහගු පිටුවහලක් වන බවයි.