Nov
28
වසර 2කට පසු සිංහයෝ මව්බිමට කුසලානයක් ගෙන එති...තොරතුරු මෙන්න

මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදුන්නා.
සිම්බාබ්වේ කණ්ඩායම සියලුම පිතිකරුවන් පන්දුවාර 36යි පන්දු 3කදි දැවී ලබාගැනීමට හැකි වුණේ ලකුණු 160ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අසේල ගුණරත්න සහ ජෙෆ්රි වැන්ජසී කඩුළු තුන බැගින් දවා ගැනීමට සමත් වුණා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 37යි පන්දු 3කදි කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 166ක් ලබාගෙන තරගාවලියේ ජය වාර්තා කළා.
එහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක උපුල් තරංග නොදැවී ලකුණු 57ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 57ක් ලබාගැනීමට සමත් වුණා.
තරගයේ වීරයා සම්මානය සහ තරගාවලියේ වීරයා සම්මානය හිමිවුනේ කුසල් මෙන්ඩිස්ටයි.
ලකුණු පුවරු පහතින් බලන්න….

