Oct
31
නොරොච්චෝලේ සියලුම ජනන යන්ත්‍ර අද සිට වැඩ
පසුගියදා මෙම බලාගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය වූ අතර අනතුරුව ජනන යන්ත්‍ර දෙකක් ඉතා කඩිනමින් අළුත්වැඩියා කර එහි විදුලි බලය ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගත්තේය.
කෙසේ වෙතත් අනෙක් ජනන යන්ත්‍රය අළුත්වැඩියා කිරීම සඳහා මව් සමාගමේද උපදෙස් ලබා ගත් අතර එය මේ වන විට විදුලි උත්පාදනය සඳහා සුදුසු තත්ත්වයේ පවතින බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව අද රාත්‍රියේ සිටි නොරොච්චෝලේ බලාගාරයෙන් නිෂ්පාදනය කෙරෙන සම්පූර්ණ විදුලි බලය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.