Oct
31

සඳ දිය මංකඩ නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණෙ මංජුල පෘතුවිසිංහ අයියා හින්දා. ටිකට් අදින වීඩියෝ එකක් දැකලා එයා මට කතා කළා.
එහෙම කතා කළ නාට්‍යයේ ප්‍රධාන චරිතය ගැනත් කසුකුසුවක් තිබුණද?
අනේ නෑ. එහෙම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. මේන් රෝල් එක කරන්නෙ හිමාලි සිරිවර්ධන අක්කා. මම රඟපාන්නෙ එයාගෙ නංගිගෙ චරිතෙ.
ඉතින් ඊට කලින් ඔයා මධුරාවතී වුණානෙ?
ඔව්. මගෙ තාත්තගෙ මිතුරෙක් වෙච්ච ගාමිණී අංකල් හරහා සුදත් රෝහණ මහත්මයගෙ 'ස්වයංජාත' නාට්‍යයේ මධුරාවතී බවට පත්වුණා.
මධුරාවතීට පස්සෙ දිගටම නාට්‍ය ලැබුණෙ නැත්තෙ ඇයි?
නෑ මම රඟපෑවා. මධුරාවතීට පස්සෙ දාසි නාට්‍යයේ බර්ගර් තරුණියක් වුණා. ගොඩක් අය මං ගැන කතා කරන්නත් පටන් ගත්තෙ එතකොට.
හැබැයි අපිට ආරංචි ඒ චරිතෙ හින්දා ඔයාගෙ ස්වරූපය තවත් නිළියකට සම කළා කියලා?
මගෙ පෙනුම ගොඩක් අයට සම කළා. ඒත් මම අරුණි මෙන්ඩිස්. ඒ ගැන මතකෙ තියාගෙනයි වැඩ කරන්නෙ.
අරුණි මෙන්ඩිස් පියුමි බොතේජුගෙ රූපෙට සමාන හින්දා එයාට ඇඩ්‍රස් නැතිකළා කියලයි කියන්නෙ?
මොන බොරුද? පියුමි අක්ක මට වඩා ලස්සනයි. අනික මං එයා වගේ කියලා කිහිපදෙනයි කීවෙ. මේවා අහලා එයාට දුක හිතුණොත් මාර පව්.
දෙන්නා එකවගේ හින්දා අධ්‍යක්‍ෂවරු චරිත මාරු කරලා දෙනවත් ඇති?
අම්මලා - දුවලා, අක්කලා - නංගිලා වගේ චරිත මැච් කළාට රංගනයේ එහෙම ගැටලු නෑ.
ඒත් රඟපාන චරිතවල සීමාව දාන කෙනෙක් හින්දා දැන් සයිලන්ස් වගේ නේද?
මට ආදරවන්තයෙක් ඉන්නවා. බොරු කියන්නෙ මොකටද එයා සීමාවක් දාන්නෙ නෑ.
ඒත් අනිත් අය රේස් එකේ දිනුම් කණුවට ළංවෙද්දී අරුණි තාම අතරමඟ නේද?
මට හයියෙන් ගමනක් යන්න ඕනෙත් නෑ. අනික මට ෆේස්බුක් ෆෑන් පේජ් එකක්වත් නෑනෙ. අද ඉන්නෙ සමහරු ෆේස් බුක් නිළියොනෙ.
එහෙම දේවල් රිජෙක්ට් කරනකන්ද ඉන්නෙ?
අනේ නෑ. මමත් කවදාහරි ෆෑන් පේජ් එකක් හදයි.
ටෙලි නාට්‍ය රඟපාන්න ඇවිත් සම්භාව්‍ය වැඩකටත් අතගැහුවලු නේද?
ඔව්, ප්‍රේමය නම්, හීන හොයන සමනල්ලු වගේ චිත්‍රපටවලත් රඟපෑවා.