Oct
15
ලසන්ත මැරූබව ලියා හමුදා නිලධාරියා එල්ලිලා - වැඩිදුර තොරතුරු

එම ලිපියේ අත්අකුරු තම පියාගේ බවට කෑගල්ල රෝහලේ පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේදී ඔහුගේ පුතකු විසින් හඳුනාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයාගේ ඉණේ ගසාගෙන සිටියදී එම ලිපිය හමුවී තිබෙනවා.
ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට පොලිස් විද්‍යාත්මක පර්යේෂණ නිලධාරීන් ද කැඳවා තිබුණා.
දැනට වසර කීපයකට පෙර අතුරුගිරිය මිලේනියම් සිටි ආයුධ ගබඩාවක් පිළිබඳ මතුවූ ප්‍රශ්නයේදී ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිට පසුව අභියාචනයක් මඟින් නිදහස් වී වන්දි මුදලක්ද ඔහු විසින් ලබාගෙන ඇති බවට පොලිසියට ලැබී ඇති තොරතුරක සත්‍ය අසත්‍යතාව පිළිබඳ නිශ්චය කර ගැනීමටද කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.
මියගිය යුද හමුදා බුද්ධි අංශයේ හිටපු නිලධාරිවරයාගේ පුතෙකු ඊයේ අලුයම පාසැල නියෝජනය කරමින් පැසිපන්දු තරගාවලියක් සඳහා විදෙස්ගතව තිබුණා.
