Oct
14

ඔවුන් අපට පැවසූ ආකාරයට මෙම ගීතය ඔවුන් නිර්මාණය කර තිබෙන්නේ කිසිදු මූල්‍යමය බලාපොරොත්තුවකින් තොරවයි. ඔවුන් මෙම ගීතයෙන් ලැඛෙන ආදායම අපගේ රණවිරුවන් වෙනුවෙන් යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි අප හට පැවසූයේ.
යුද්ධය නිසා තම පියා අහිමි වූ දරුවන්ට,සහ තම ස්වාමියා අහිමි වූ කාන්තාවන්ට තමන්ගේ ඉදිරි අනාගතය උදෙසා මෙම ගීතයෙන් ලැඛෙන ආදායම යොමු කරනු ඇත. අත් පා අහිමි වී සිටින් රණවිරුවන් වෙනුවන් සහ ආබාධිත තත්වයේ සිටින රණවිරුවන් වෙනුවන් හැකි පමණින් උදවු උපකාර කිරීමටයි දිමන්ක වෙල්ලාලගේ / රදීශ් වැන්දබෝනා සහ / සජිත් වී චතුරංග යන මේ ත්‍රිත්වය සැදී පැහැදී සිටින්නේ.
මොවුන්ගේ අරමුණ වී ඇත්තේ මුදලින් ලක්ශ 10ක් මෙම ගීතයේන් උපයාගෙන එය රණවුරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමටයිි මේ කර්තව්‍ය සදහා ජනතා ඔබට දායක වීමටද හැක.
ඒ සදහා මෙම අවසන් පෙම මගේ ගීතය ඔබගේ රින් ගින් ටෝනය ලෙස සකසාගන්න. එමගින් එකතුවන මුදල් මොවුන් අපගේ රණවිරුවන් වෙනුවෙන් යොදවනු ඇත.
මෙම කර්ථව්‍ය සාර්ථක වූ පසු මොවුන්ගේ මෙම ක්‍රියාදාම වැඩපිලිවෙල රූප රාමුද සමගින් ඉදිරියේදී ඔබ හට නැරඹීමට අවකාශය සලසා දෙන බවද ඔවුන් අප සමග කියා සිටියේය.
ගීතය වෙත -
දිමන්ක, සජිත්, රදීශ් ගේ අදහස් තවදුරටත් -