Sep
09
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක T.M.ඩිල්ශාන් ක්‍රිකට් වලින් සමුගනී
සමුදෙනවා. 1999 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තිලකරත්න දිල්ෂාන් ජාත්‍යන්තර කි‍්‍රකට් තරග සඳහා ක්‍රීඩා කිරීම ආරම්භ කළා. ඔහු ක්‍රීඩාකර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 87 ක්. එක්දින තරග 330 කට ක්‍රීඩාකර ඇති ඩිල්ෂාන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව දසදහස ඉක්මවනවා.
පන්දු වාර විස්ස තරග 79 කට ක්‍රීඩාකිරීමේ අවස්ථාව ඔහුට හිමිවුණා. තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ප්‍රසිද්ධ තිලකරත්න ඩිල්ෂාන් ඩිල්ස් කුප් පහර හඳුන්වා දුන් ක්‍රීඩකයා ලෙසයි සැලකෙන්නේ. නායකයෙකු, ආරම්භක පිතිකරුවෙකු, කඩුලු රකින්නෙකු, පන්දු යවන්නෙකු ලෙස ශ්‍රීලංකා කි‍්‍රකට් වෙනුවෙන් අනගි මෙභෙවරක් ඉටු කළ ඩිල්ෂාන්ගේ සමුගැනීම කි‍්‍රකට් ක්ෂේත්රයට විශාල පාඩුවක් බවයි ධම්මික ප්‍රසාද් සඳහන් කළේ.