Sep 13

විදුලි පේනු ප්‍රමිතිය වෙනස්කරයි, පැරණි ස්විච් තහනම්


ප්‍රමිතියෙන් තොර හා විවිධ කෙවිනි වර්ග තහනම් කිරීමට තීරණය කර
තිබේ. මෙම තීරණය ගෙන අැත්තේ මහජන උපයෝගීතා කොමිසමේ තීරණයක් මතයි. ප්‍රමිතියෙන් තොර උපාංග අානයනය නිෂ්පාදනය හා අලෙවිය මේ අනුව ලබන 2018 වසරේ අගෝස්තු 18 වනදායින් පසු තහනමට ලක්වේ.

මේ බව අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍යය දැනුවත් කිරීමේදී ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කාෙමිෂන් සභා සභාපති ශාලිය මැතිව්ස් මහතා පැවසීය. විදුලි පේනු වල ප්‍රමිතිය හදුන්වා දීමට හේතු වූයේ විදුලියෙන් පාරිභොගිකයන්ට වන අණතුරු අවම කිරීම අරමුණින් බව කොමිසම් අධ්‍යක්ෂක ජනරාල් දමිත් කුමාරසිංහ මහතා පැවසීය. 

මෙහිදී වැඩිදුරටත් පැවසූයේ ජාතික ප්‍රමිතිය ලෙස සෘජුකෝණාස්‍ර හැඩයෙන් යුත් ජී වර්ගය ලෙස හඳුන්වන විදුලි පේනු සහ කෙවෙනි භාවිතයට මාරු වීම සඳහා රජය තීරණය කර ඇති බවත් නව ප්‍රමිතිය 2016 අගෝස්තු 16 වනදා සිට බලාත්මක වන බවද පැවසීය. 2016 අගෝස්තු 16 වන දින සිට ජී කාණ්ඩයට අයත් නොවන විදුලි පේනු සහ කෙවෙනි නිෂ්පාදනය, ආනයනය සහ අලෙවිය සඳහා වසරක සහන කාලයක් ක්‍රියාත්මක වන අතර 2017 අගෝස්තු 16 සිට ජී කාණ්ඩයට අයත් නොවන හෙවත් ජාතික ප්‍රමිතියෙන් තොර විවිධ වර්ගයේ විදුලි පේනු සහ කෙවෙනි ආනයනය තහනම් කෙරේ.
2018 අගෝස්තු 16 වන දින සිට ජී වර්ගයේ නොවන විදුලි පේනු සහිත විදුලි උපකරණ අලෙවිය තහනම් කරන අතර නව ප්‍රමිතිය ක්‍රියාවට නැගීම සම්පුර්ණ කෙරෙනු ඇත.දැනට භාවිතාවේ පවතින අභ්‍යන්තර රැහැන් පද්ධති සහ ඒවායේ විදුලි කෙවෙනි වෙනස් කිරීමට අවශ්‍ය නොවන අතර නව රැහැන් පද්ධති සකස් කිරීමේදී ජී කාණ්ඩයේ විදුලි පේනු සහ කෙවෙනි භාවිතා කළයුතු වේ. එම කෙවෙනි සදහා වර්ග මිලි මීටර් 2.5 රැහැන් හෙවත් 7/0.67 රැහැන් වර්ගය පමණක් නිර්දේශ කර ඇත. 

නව ප්‍රමිතිය හඳුන්වාදීමෙන් පසුව අළුතින් විදුලි උපකරණ මිලදී ගැනීමේදී ඇම්පියර් 13 පේනුවක් ඇත්දැයි පරීක්ෂා කරන ලෙසත් නව ඉදි කිරීම් වලදී ඇම්පියර් 13 ජී කාණ්ඩයේ විදුලි පේනු සහ කෙවෙනි භාවිතයට යෝග්‍ය පරිදි රැහැන් පද්ධති සකස් කළයුතු බවත් කොමිෂන් සභාව දන්වා සිටී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.