Sep
13
විශ්රාම ගිය ඩිල්ෂාන්ගෙන් ශතකයක්
ඩිල්ෂාන් අන්තර්ජාතික ක්රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ක්රීඩා කළ පළමු තරගය මෙය වූ අතර මාස් යුනිචෙලා කණ්ඩායමට ක්රීඩා කරන ඩිල්ෂාන් එහිදී අංක හතර පිතිකරුවා ලෙසින් පිටියට පිවිස වේගවත් ලකුණු 144ක් රැස්කිරීමට සමත්විය.
හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී මාස් කණ්ඩායම ලකුණු නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු තුනකට ලකුණු 388 ක් රැස්කළේය. මාස් කණ්ඩායමට ක්රීඩා කරන ධනුෂ්ක ගුණතිලක මෙන්ම කුසල් ජනිත් පෙරේරාද මෙහිදී අර්ධ ශතක වාර්තා කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ හැටන් නැෂනල් කණ්ඩායමට රැස් කළ හැකිවූයේ ලකුණු 222ක් පමණි. ඒ අනුව ලකුණු 166ක ජයක් මාස් යුනිචෙලා කණ්ඩායමට හිමිවිය.