Sep
13

අගෝස්තු මාසයයි. 1880 වසරෙන් පසු මෙතෙක් වාර්තා වූ උෂ්ණාධිකම අගෝස්තු මාසය ගතවූ මාසය බව නාසා ආයතනය පෙන්වා දෙනවා.
නාසා ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ පිළිබද කරුණු හෙළිකර ඇත්තේ. ලොව පුරා පිහිටුවා ඇති කාලගුණ විමර්ශන අංශ ඔස්සේ ලබා ගත් තොරතුරු අනුව මෙම වාර්තාව එළිදක්වා තිබෙනවා. එවැනි අංශ 6,300කින් පමණ මේ සදහා දත්ත සහ තොරතුරු ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ලෝකයේ කාලගුණ විපර්යාස හමුවේ උණුසුම් සහගත දේශගුණ තත්ත්වය දිනෙන් දින ඉහළ යනු ඇති බව නාසා ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙනවා.