Sep
13

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කාන්තාවක හා 14 හැවිරිදි දැරියක දූෂණය කර තිබේ. එම කාන්තාව පවසන්නේ සිය පවුලේ සාමාජිකයන් වරින් වර ස්ත්‍රී දූෂණයන්ට සහ ඝාතනයට ලක් කළේ ඔවුන් ගව මස් බුදින මුස්ලිම් ජාතිකයන් වන බැවින් යැයි එම ප්‍රහාර එල්ල කළ අපරාධකරුවන් තමන්ට දැන්වූ බවයි. මේ අතර මෙම මුස්ලිම් භක්තික පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු ද මින් සති දෙකකට පෙර පහර දී ඝාතනය කොට තිබුණා.
ප්‍රහාර වලට ලක් වූ මෙම මුස්ලිම් භක්තික කාන්තාවන් දෙදෙනා දිගින් දිගටම කියා සිටින්නේ සිය පවුලේ කිසිදු සාමාජිකයෙකු ගව මස් අනුභව නොකරන බවයි. ප්‍රහාර වලට සැකපිට මේ වන විට පුද්ගලයන් 4දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
ගවයා සිය ආගමට අනුව පූජනීයත්වයේ ලා සලකන ඉන්දියාවේ බහුතර හින්දු ආගමිකයන් සහ ගව මස් අනුභව කරන මුස්ලිම් භක්තිකයන් අතර දීර්ඝ කාලීනව ගැටුම් පවතිනවා.