Sep
26
රිය අනතුරකින් සරසවි සිසුවෙක් මියයයි

ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසර ඉගෙනුම ලැබූ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර පේරාදෙණිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.