Sep
10
ඩිල්ෂාන් සමුගනී – කැන්ගරුවන් ජයගනී

මේ තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර විස්ස තුළ කඩුළු 9ක් දැවී ලකුණු 128ක් රැස්කර ගත්තා.
එහිදී ලකුණු අතරට ඒමට හැකි වුනේ ධනංජය ද සිල්වාට පමණයි. ඔහු හතරේ පහර 5ක් සමග ලකුණු 62ක් ලබාගැනීමට සමත්වුණා.
මීට අමතරව කුසල් පෙරේරා ලකුණු 22ක් ලබාගත්තේ හතරේ පහර 4ක් එක්කයි.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ඔස්ට්‍රේලියානු පිතිකරුවන් පන්දුවාර 17යි පන්දු 5කදි කඩුළු 6ක් දැවී ලකුණු 130ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කළා.
පන්දුවට පහරදීමේදි ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මැක්ස්වෙල් ලකුණු 66ක් ලබාගත්තා.
පන්දු යැවීමේදි සචිත්‍ර පතිරණ සහ ටී.එම්. ඩිල්ෂාන් කඩුළු දෙක බැගින් දවාගැනීමට සමත්වුණා.
ඒ අනුව ඔස්ට්‍රේලියානුවන් කඩුළු 4කින් ජයගත්තා.