Sep
30
අද රංගන ක්ෂේත්‍රයට එන කෙනෙකුගේ ප්‍රධාන කාර්යය කලිසම්, ෂර්ට්, සපත්තු එකතු කරන එක

අද රංගන ක්ෂේත්‍රයට එන කෙනෙකුගේ ප්‍රධාන කාර්යය වෙන්නේ කලිසම්, ෂර්ට්, සපත්තු එකතු කරන එක. රංගනයේ ප්‍රවණතා, ලෝකයේ දේවල් ගැන සොයා යන්න පොතක් පතක් කියවන්න අවශ්‍යතාවයක් බොහෝ දෙනෙකුට නැහැ. ඇකඩමි නොතිබුණත්, මේ ගැන සොයා යාමේ අවශ්‍යතාවක් තියෙන පිරිස ගොඩක් අඩුයි. අතලොස්සක් ඉන්නවා ගෞරවාන්විතව විෂයට සම්බන්ධ වෙන. විදේශ රටවල බොහෝ දෙනෙක් එකල ලංකාව තුළ වැඩමුළු පැවැත්වුවා. අපි සහභාගි වුණා.
ලංකාවේ හිටිය ඩොක්ටර් සාලමන් ෆොන්සේකා චෙනොස්ලෝ වැකියාවේ වසර දහසක් ප්‍රාග් යුනිවර්සිටි එකේ අධ්‍යාපන කටයුතු කර වෛදයවරයෙකු බවට පත්වූ උතුම් මිනිසෙක්. මේ රට ඔහුගෙන් ප්‍ර‘යෝජන ගත්තෙ නැහැ. අපිට එවැනි දේ හරහා විෂය ගැන දැනුවත් වෙන්න ඉඩ ලැබුණා. අද එය නැහැ.අද
පාසලේ නාට්‍ය කාලව කරන අයගේ බලාපොරොත්තුව වෙන්නෙ කහටගස්දිගිලියේ හරි අගුණකොළපැලැස්සේ හරි ඉස්කොලේකට ගිහින් නාට්‍ය හා රංග කලාව උගන්වන ටීචර් කෙනෙක් වෙන්න. එතනින් එහාට දෙයක් නැහැ. නිර්මාණශීලී හැකියාවක් ඔවුන් තුළ නැහැ. ඔවුන් විභාග පාස්කර ගත්තොත් ගුරුවරියක් හෝ ගුරුවරයෙක් බවට පත්වෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ අරමුණ ඉස්කොලේ "කලා" උත්සවය කරන්න. ඉන් එහා බලාපොරොත්තුවක් ඔවුන්ට නැහැ. පාසල්වල කලා උලෙළෙකට ගියාම තාමත් ප්‍රාථමික නාට්‍ය දකින්න තියෙන්නේ. ඔවුන් යාවත්කාලීන වෙලා නෑ. ඒ දේවල් හදන්න රජයේ මැදිහත්වීමක් අත්‍යවශ්‍යය වෙනවා.