Sep
29
‘ඩිලා’ සමුගෙන යද්දී පුතා වැඩ පෙන්නයි

කෝට්‌ටේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව පැවැති මෙම තරගයේදී ඩිල්ෂාන්ගේ පුත්‍රයා හෙවත් රෙසඳු විසින් නොදැවී ලකුණු 114 ක් ලබා ගනිමින් තම පාසල් පිල ජයග්‍රහණය කරා රැගෙන ඒමට සමත්වී තිබේ.
රාජකීය විදුහල වෙනුවෙන් දක්‌ෂ පන්දු යෑවීමක නිරත වූ කනික දයාරත්න (11/5) සහ නිපුන කඳමේආරච්චි (07/3) ශාන්ත තෝමස් විදුහල ලකුණු 30 කට සීමා කළහ.
කෙසේ වෙතත් රෙසඳුගේ ශතකයත් ප්‍රධාන කොට රාජකීය විදුහල් පිල නියමිත පන්දුවාර 65 තුළදී කඩුලූ 7 ක් දැවී ලකුණු 320 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට සමත්විය.