Aug
02
පෝර්ට් සිටි ව්‍යාපෘතියෙන් තවත් හෙක්ටයාර් 2ක් චීනයට

රජය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.
ඔහු පැවසුවේ නව ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව පොර්ට් සිටි ව්‍යාපෘතියේ කටයුතු නතර වූ අතර ඒ නිසා තමන්ට සිදුවූ පාඩුව මාසිකව ගණනය කරමින් ශ්‍රී ලංකා රජය වෙත සෑම මසකම අදාළ චීන සමාගම විසින් අලාභයේ ගණන නිල වශයෙන් දැනුම් දුන් බවයි.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ බව සදහන් කළේය. එමෙන්ම එම මුදල් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මේ දක්වා අදාළ චීන සමාගමට ගෙවා නැති බව ද ඔහු තවදුරටත් පැවසීය.
ඒ අනුව එම අලාභය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් තවත් හෙක්ටයාර් 2ක් පොර්ට් සිටි ව්‍යාපෘතිය වෙනුවෙන් ලබාදීමට දෙපාර්ශවයම එකඟ වී ඇතැයි ද සදහන්.
මේ අතර තොරතුරු දැන ගැනීමේ පනතට කථානායක කරූ ජයසූරිය විසින් ඊයේ (01) අත්සන් තැබූ බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි මාධ‍්‍යවේදින්, අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කථානායකවරයා විදේශගතව සිටීම හේතුවෙන් එයට අත්සන් තැබීම ප්‍රමාද වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.