Aug
03
පාද යාත්‍රාවේ වෙච්චි ඕන නැති සෙල්ලමක් ගැන මහින්ද කියයි
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFlJrJ2VVx-24nPVIxMzBU67eIfS4fY1kVHb9AMeTIpKIO-yYIPfrC7DJynh2OUlLF85xwn8qwHepj11sKAjxpzzakAg6a955sgwahGy7zBseD_rnEQhCnIbnLyee7Mx6fqnHJSkv4YVY/s320/mahinda-1.jpg)
ඒ මහතා තවදුරටත් මෙසේද පැවැසීය. පාද යාත්‍රාව ආරම්භ කළ මොහොතේ සිටම අවසානය දක්‌වාම ඉතා සාර්ථක වුණා.
මීට කලිනුත් ඔය වගේ පාගමන් මා ගිහිල්ලා තිබෙනවා.
මෙවර අපි සංවිධානය කළ පාද යාත්‍රාව මේ හැටි සාර්ථකවෙයි කියලා පොලිසිය පවා හිතුවේ නැහැ. පාද යාත්‍රාව සංවිධානය කළ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු සියලුම තරාතිරමේ උදවියට මා අවංකව ස්‌තුති කරනවා.
මෙවැනි පාද යාත්‍රාවකදී පැමිණි පිරිස අවංක හැඟීමෙන් යුතුව පැමිණි අයයි. විවිධ දේශපාලන පක්‍ෂවලින් පවා පිරිස් සහභාගි වුණා. පාද යාත්‍රාවේ අවසාන දිනයට එක්‌වූ සුළු පිරිසක් ඕනෑවටත් වඩා වැඩියෙන් සෙල්ලම් දැම්මා. ඒ කට්‌ටිය පිටතින් පැමිණි පිරිසක් වෙන්න ඕනෑ. ඒවා කළා කියලා අපේ වැඩපිළිවෙළ නතර කරන්නේ නැහැ.
උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්