Aug
09
මිග් යානා ගනුදෙනුව-ලියවිලි අතුරුදන්
පසුගිය සංධාන රජය සමයේ විවාදයට ලත් මිග් ප්රහාරාත්මග ගුවන්යානා ගනුදෙනු පිළිබද සදහන් ප්‍රධාන ලේඛන අස්ථානගතවීම
පිළිබද වාර්ථාවක් ඉදිරිපත් කරනා ලෙස පොලිස් මූල්‍යය අපරාධ විමර්ශණ කොට්ඨාශයට අද (9) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියොග කර ඇත.
මෙම නියොගය නිකුත් කර ඇත්තේ මිග් යානා මිලදීගැනීම්ෙදී අක්‍රමිකතා සිදුව ඇති බවට ඉදිරිපත්කර ඇති චොදනා පිළිබද පැමිණිල්ල විභාගයටගැනීම්ෙදීයි. අධිකරණය විසින් අදාල ලියකියවිලි ඉදිරිපත්කරනා ලෙස විමසූ අවස්ථාව්ෙ පොලීසිය විසින් එම ලියවිලි අස්ථානගතව ඇති බවට අධිකරනයට දැනුම්දී ඇත.
අධීකරනය තවද මෙම ලේඛන කිසියම් පුද්ගලයෙකු සිතාමතා අස්ථානගතකර ඇතිනම් එම පුද්ගලයන් පිළිබදවද සොයා ගන්නා ලෙසත් ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටද දැන්වීය. අවසානයෙ පැමිණිල්ල ලබන සැප්තැම්බර් 26 නැවත කැදවීමටත් එදින අදාල ලියවිලි වලට අදාල වාර්ථා ලබාදෙන ලෙසටත් අධිකරණය පොළිසියට නියෝගකලේය.