Aug
08
අයිය නගෝ හැංගිමුත්තම් කර පියාගෙන් ලක්ෂ 7ක් ඉල්ලයි
මෙම සිද්ධිය සිදුව ඇත්තේ ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේයි. සිය 15 හැවරිදි නැගනිය වෙනත් ස්ථානයක සගවා වෙනත් පුද්ගලයෙකු ලෙස හගවමින් පියාට දුරකථනයෙන් අමතා තර්ජනය කර මුදල් කප්පම් ඉල්ලා තිබ්‍ෙ.
මෙම කප්පම් ඉල්ලීම සිදුකර ඇත්තේ 17 හැවරිදි තරුණයෙකු විසිනි. පසුව පොලිස් පරීක්ෂන වලින් පසු අදාල පුද්ගලයා ගම්පහ පොලිස් මූලස්ථානයෙන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම දරුවන්ගේ මව විදෙස් ගතවී සේවය කරනා අතර පියා නිවසේ සිටියි. පවුලේ දරුවන් 3 දෙනෙකු සිටී.
කලක සිට මෙම 17 හැවරිදි තරුණයා සිය පියාගෙන් සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීමට අවශ්‍යය බව පවසමින් ලක්ෂ 7ක් අවශ්‍යය බව පවසමින් මුදල් ඉල්ලා තිබ්‍ෙ. පියා මුදල් ලබා නොදීම නිසා ඔවුන් අතර හිත් අමනාපයකින් සිට ඇත. අතුරුදන් වූ දින සිය දියනිය (5 වනදා) අසල පිහිටි වෙළද සැලකට යනබව පවසා නිවසින් පිටව ඇති අතර ආපසු නිවසට නොපැමිණි හේතුවෙන් පියා නෑදෑ අසල් වැසියන්ගෙන් විමසා තිබ්‍ෙ. පසුව ඔවුන් අවට ප්‍රදේශ වල සොයා බලා ඇති අතර සෙවීම් කටයුතු සදහා නැගනිය සැගවූ අයියාද උදවු කර තිබ්‍ෙ.
පසුව පියාට දුරකථන ඇමතුමක් මගින් දියනිය ලබාදීමට රැපියල් ලක්ෂ 7ක් අවශ්‍යය බව දන්වා ඇති අතර ඉන් පසු පොලීසියේ පැමිණිල්ලක් දමා තිබ්‍ෙ. පසුව රාත්‍රී 9ට පමණ පැහැරගත් පිරිස ත්රී්රෝද රථයකින් දියනියව නිවස අසල දමා ගොස් තිබ්‍ෙ. පසුව පොලීසියේ ප්‍රශ්ණ කිරීම් වලින් නැගනිය පවසා ඇත්තේ ම්‍ෙ සියල්ල අයියාගේ කීමට කල බවයි.