Aug
08
විජය නන්දසිරි සමුගනී

ඔහු කළුබෝවිල රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව වෛද්‍ය අධිකාරී අසේල කළුබෝවිල මහතා පවසයි.
මනමේ වේදිකා නාට්‍යයෙන් සිය රංග ප්‍රතිභාව විදහා පෑ විජය නන්දසිරි මහතා රංගන ශිල්පියකු, නිවේදකයකු හා ගායකයකු ලෙස ද කටයුතු කළේය.
ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි ගේ සැමියා වූ ඔහු දෙදරු පියෙකි. ‘පුංචි පහේ මං‘වැනි වැඩසටහන් මගින් ඔහු නිසග දක්ෂතා විදහා පෑවේය.
මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ නන්දසිරි මහතා නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස්, එතුමා, සිකුරු හතේ වැනි විකට ටෙලි නාට්‍ය හා චිත්‍රපට ඔස්සේ ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.