Aug
29
කොම්පඤ්ඤවිදියේ අපද්‍රව්‍යය මිශ්‍රිත ජල බෝතල් ව්‍යාපාරයක්
අත්අඩංගුවට ගෙන තිබ්‍ෙ. මෙම බෝතල් තොගය සොයාගෙන ඇත්තේ කොම්පඤ්ඤවිදීය, අක්බාර් මාවතේ පිහිටි වෙළදසැලක විකිණීමට තිබියදීය.
මෙම භාණ්ඩ තොගය සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පාරිභෝගික සේවා අධිකාරියට ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම කර තිබ්‍ෙ. ඒ අනුව අධිකාරියේ නිලධාරීන් කොම්පඤ්ඤවිදීය ප්‍රදේශයේ ජල බෝතල අලෙවි කරනා ස්ථාන පරික්ෂාවට ලක්කර ඇත.එම වැටලීම් ඒකකය පැවසූව්‍ෙ අත්අඩංගුවට පත් ජල බෝතල් වල ලේබලයේ මුද්‍රණය කර තිබූ ශ්‍රී ලංකා ප්‍රමිති අායතන ලාංජනයද ව්‍යාජ්‍යය එකක් වන බවයි.
එමෙන්ම බෝතල් ජලයේ අපද්‍රව්‍යය තිබූ බවද පවසයි. අත්අඩංගුවට පත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මෙම ජල බෝතල් කර්මාන්ත ශාලාවට මුද්‍රා තබා ඇත. බෝතල් තොගය රස පරීක්ෂක වාර්ථාවක් ලැබීමෙන් පසු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්භෝගික කටයුතු අධිකාරිය පවසයි.