Aug
16
රාවණා ඇල්ල ප්‍රංශ තරුණියක් බිළිගනියි

ඇල්ල පොලිසිය සදහන් කළේ අදාළ තරුණිය අඩි 500 ක් පමණ උසකින් මෙලෙස ජල පහරත් සමග ඇද වැටී ඇති බවයි.
සිය පියා සමග අද පස්වරුවේ රාවණා ඇල්ල නැරඹීමට පැමිණි ඇය එහි ඉහළ කොටසේ දියනෑමට ගොස් තිබෙනවා.
පය ලිස්සීම හේතුවෙන් එක්වරම ඇය මෙලෙස ඇල්ලෙන් පහළට ඇද වැටී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.