Aug
12

2016 ජනවාරි සිට ජූනි 30න් අවසන් අර්ධ වර්ශයේ රුපියල් බිලියන 49ක බදු මුදලක් ශ්‍රී ලංකා රජයට ලැබී තිබ්‍ෙ.
මෙය පසුගිය වර්ශය හා සැසදුවහොත් බදු මුදල් ප්‍රමාණය 12 % වැඩිවී තිබ්‍ෙ. සමාගම පවසන්නේ රජයේ බදු දැලට හසු නොවන බීඩි,සුරුට්ටු හා නීති විරෝධී දුම්වැටි හේතුවෙන් රජයට ලැබිය යුතු බදු ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් අහිමිවන බවයි.
එමෙන්ම පසුගිය කාලයේ රුපියල් මිලියන 88ක නීති විරෝධී දුම්වැටි අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙම අර්ධ වර්ශයේ ලංකා දුම්කොළ සමාගම රුපියල් බිලියන 6.11ක බදු පසු ලාභයක් ලබා ඇත. දුම්කොළ සමාගම මෙම ලාභයෙන් කොටස් හිමියන්ට එක්කොටසකට රුපියල් 16.70ක අතුරු ලාභාංශයක් ගෙවීමට තීරණය කර ඇත.