Aug
27
දිනකට වාහන 1858 මහාපාරට - සියලු තොරතුරු මෙන්න
දිනකට වාහන 1858ක් ශ්‍රී ලංකාවේ මහා මාර්ගයට එකතු වන බව ඔබ නොදන්නවා ඇති.
මේ අතර මෝටර් රථ 105628ක්, ත්‍රිරෝද රථ 129547ක්, යතුරුපැදි 370889ක්, මෝටර් කෝච් 4140ක්, කැබ් රථ 26899ක්, ද්විත්ව-කාර්ය වාහන 12557ක්, ලොරි රථ 5356ක් හා ට්‍රැක්ටර් 9977ක් ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව මාසයකට ආසන්න වශයෙන් වාහන 55742ක් ලියාපදිංචි කර තිබෙනවා.
ඉතිහාසයේ වැඩිම වාහන ලියාපදිංචි වී ඇත්තේ පසුගිය වසරේයි.
එය 2009 වසරේදී පැවතී ඇත්තේ 204075ක් වශයෙනි.
ඒ අනුව වසර 6ක පමණ කාලයක් තුළ වාහන වැඩි වීමේ ප්‍රතිශතය 325%කටත් වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.
මේ වසරේ පෙබරවාරි මස මැද භාගය වන විට අලුත් වාහන 32801ක් අලුතින් ලියාපදිංචි වී ඇති අතර 2015 වසරේදී වාහන සඳහා අධික බදු පැනවුවද ආනයනික වාහන සංඛ්‍යාවේ බලාපොරොත්තු වූ අඩු වීමක් සිදුව නැති බව මේ අනුව පෙනී යනවා.