Jul 27

ඒකාබද්ධ විපක්ෂ පාදයාත්‍රාව හ‍ෙට දළදා මාලිගාව අසලින්



කුරුණෑගල පාර්ලිම්‍ෙන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛව කිරීමට නියමිත පාදයාත්‍රාව හ‍ෙට (28) ප‍ෙරවරු 9ට දළදා මාලිගාව අසලින් ආරම්භ කිරීමට නියමිතයි. ම‍ොවුන් ම‍ෙම විර‍ෝධතා පාගමන‍ෙන් ආණ්ඩුව කරනා වැඩ කටයුතු වලට විර‍ෝධය පෑම හා ව්‍යවස්ථා සංශ‍ෝධනයට විර‍ෝධය පලකරමින් ජනතාව දැනුවත් කිරීමට බලාප‍ොරත්තු ව්‍ෙ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, දේශවිමුක්ති ජනතා පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ජනතා සේවක පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක නිය‍ොජිතයන් ම‍ෙම පාගමනට සහභාගී වීමට බලාප‍ොරත්තු ව සිටින බවට පාර්ලිම්‍ෙන්තු මන්ත්‍රී දින‍ේශ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

ජන සටන පාද යාත්‍රාව මහනුවර සිට කොළඹ දක්වා ගමන් කරන අතර අගෝස්තු 1 දා කොළඹ නගරයට පැමිණීමට නියමිතය. බෙදුම්වාදයට පණ දෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට රජය ගෙන යන මෙහෙයුම, පුංචි ඡන්ද කල්දැමීම, බදු බර ඉහළ දැමීම, විශේෂ යුද අපරාධ අධිකරණයක් ඇති කිරීම, එට්කා ගිවිසුමට

අත්සන් තැබීම, ගොවි සහන කප්පාදුව හා දේශපාලන දඩයම ඇතුළු කරුණු රැසකට එරෙහිව මෙම පාද යාත්‍රාව සංවිධාන කර ඇත. වෘත්තීය සමිති, විවිධ ප්‍රජා සංවිධාන මෙන්ම විවිධ ජන කොටස් නියෝජනය කරන සංවිධාන රැසක්ද මෙයට සහය දක්වන බවත් ද්‍රවිඩ මුස්ලිම් ජනතාවද මේ සඳහා සහය ලබා දීමට ඉදිරිපත් වී සිටින බවත් ගුණවර්ධන මහතා පැවැසීය. ම‍ෙම පාද යාත්‍රාව එදින සවස මාවනැල්ල නගරයට පැමිණ අවසන් වන අතර පසු දින (29) මාවනැල්ල සිට නෙළුම්දෙණිය නගරය දක්වා පැමිණේ. පුලි 30 දා නෙළුම්දෙණිය සිට ආරම්භ වන පාද යාත්‍රාව නිට්ටඹුවට පැමිණෙන අතර පසු දින (අගෝස්තු 1) නිට්ටඹුවේ සිට කිරිබත්ගොඩ නගරය හරහා කොළඹට පැමිණීමට නියමිතය.

මහින්ද අළුත්ගමගේ, විමල් වීරවංශ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, කාංචන විජේසේකර මහත්වරු මෙම පාද යාත්‍රාවේ ප්‍රධාන සංවිධාන කටයුතු සිදු කරනු ලැබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කෙළේ පාද යාත්‍රාවට මිලියනක ජනකායක් සහභාගී වනු ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.