Jul
22
ලංකාවේ විරෝධයට මුරලි මොනවා කරයිද?

දෙරටේ ක්‍රීඩකයන් දෙදෙනෙක්ගේ නමින් කුසලානය නම්කර තිබුණද මුත්තයියා මුරලිදරන්ගේ සහාය මේ තරගාවලියේ දී හිමිවන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමටයි.
මුරලි මෙම තරගාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟ පන්දු උපදේශකවරයා ලෙස සේවය කරමින් සිටිනවා.
ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට සහය දක්වන කී‍්‍රඩකයින් දෙදෙනෙකු නමින් මෙරටදී පැවැත්වෙන තරගාවලියක කුසලානයක් නම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේද විරෝධයක් එල්ල වී තිබෙනවා.
මුරලි – වෝන් කුසලානයට මුරලිගේ නම යෙදීම සම්බන්ධයෙන් නෙත් නිවුස් මුත්තයියා මුරලිදරන්ගෙන්ද විමසීමක් කළා. ඔහු පැවසුවේ මෙය කල්තියා සැළසුම් කළ තරගාවලියක් බැවින් තමන්ට එ් පිළිබඳ කිසිවක් කිව නොහැකි බවයි