Jun
23
ISIS තිරිසනුන්ගේ ලිංගික හිංසනය ලෝකයා ඉදිරියේ නිරුවත් කළ තරුණියකගේ සංවේදී කතාව - වීඩියෝ

අයි.එස්. සටන්කාමීන් විසින් රට පුරා සිදුකරන ත්‍රස්ත ක්‍රියා ගැන විටින් විට අපිට අහන්න දකින්න ලැඛෙනවා.
ඔවුන්ගේ ලිංගික ආශාවන් වෙනුවෙන් අවුරුදු 18 ත් 20 ත් අතර තරුණියන් පැහැරගෙන යාමේ සිද්ධීන්ට වාර්තා වනවා.
ඔවුන් පැහැරගෙන ගිය අවුරුදු 18 ක් වූ යෂිදි නම් තරුණියක් ඔවුන්ගෙන් මිදී පැමිණ තිඛෙනවා.
එම තරුණිය පවසන ආකාරයට අයි.එස්.අයි.එස්.ත්‍රස්තයන් විසින් ඇයව මාස 19 ක් පුරා ලිංගික වහලියක් ලෙස යොදාගෙන තිඛෙනවා. ඒ අතර තුන්වරක් ඇයව ඉරාකයට සහ සිරියාවට අලෙවි කර තිඛෙනවා.
තවද ඇය අවසන් වරට බෝම්බ නිපදවන පුද්ගලයෙකු ළග සිට ඇති බවත් ඔවුන් විසින් විවිධ ලිංගික අපරාධ මෙම තරුණියට සිදුකළ බවත් යෂිදි පවසනවා. යම් අවස්ථාවලදී බෝම්බ පරීක්ෂා කිරීම සඳහාද ඇයව භාවිත කර ඇති බවයි ඇය පවසන්නේ..
අවස්ථා තුනකදී ඇය පැන යාමට උත්සහ කළ බවත් අවසන් වරට ඇය සිටි පුද්ගලයාගේ නිවසින් පැන ආ බවත් ඇය කියනවා.
ඇයට දරුණු වදහිංසා ලබාදී ඇති අතර ඇයගේ එක් ඇසක්ද අහිමිවී තිඛෙනවා.
මෙම තරුණියට සිදුවූ මෙම සාහසික ලිංගික හිංසා සහ දරුණු වදහිංසා ගැන ලෝකයට පැවසීමට නොභියව ඉදිරිපත්වී තිබුණේ මෙලෙසින්.
එම සංවේදී වීඩියෝව පහතින්...