Jun
30
ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයට

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ප්‍රධාන සංවිධායක ධුරයට පත් කිරීම අද සිදු කෙරිණ.
ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින්.
සරත් ෆොන්සේකා මහතා පසුගිය මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග කළේ ය.
පසුව ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය.
ඒ එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් හිස්වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති උත්සවයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සෙසු සාමාජිකයින් ද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම සිදු කෙරිණ.